ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් රැසක් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට

Date:

නවතම අයි.සී.සී කාන්තා එක්දින ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද(9) නිවේදනය කළා.

ඊට අනුව බංග්ලාදේශයට එරෙහි එක්දින තරගාවලියේ දී දක්ෂතා දැක් වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුම ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණ තිබීම විශේෂත්වයක්.

ඒ අනුව ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පිතිකාරිණියන් අතර 7 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ තිබෙනවා. එමෙන්ම ඇය පන්දු යවන්නියන් අතර 58 වැනි ස්ථානය දක්වා ස්ථාන 6 කින් ඉදිරියට පැමිණ තිබෙනවා. එක්දින තුන් ඉරියව් ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම්හි ඇය ස්ථාන 3 කින් ඉදිරියට පැමිණ ඇත්තේ සම 13 වැනි ස්ථානය දක්වායි.

කවීෂා දිල්හාරි පිතිකාරිණියන් අතර 56 වැනි ස්ථානය දක්වා ස්ථාන 7 කින් ඉදිරියට පැමිණ තිබෙනවා.

මේ අතර, පන්දු යවන්නියන් අතර 16 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණීමට ඉනෝකා රණවීර සමත්ව තිබෙනවා. ඕෂදී රණසිංහ 44 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 7කින්.

වමත් පිතිකාරිණී හර්ෂිතා සමරවික්‍රම ද පිතිකාරිණියන් අතර 36 වැනි ස්ථානය දක්වා ස්ථාන 9 කින් ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...