මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද(7) රාත්‍රියේ දී ආරම්භ වූ තරගාවලියේ 52 වැනි තරගයේ දී සුපිරි යෝකර් පන්දුවක් යොමු කරමින් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ජොස් බට්ලර් දවා ගැනීමට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ බුවනේෂ්වර් කුමාර් සමත් වුණා.
ජායිපූර්හී දී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් රාජස්ථාන් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 2 ක් දැවී ලකුණු 214 ක් ලබා ගත්තා.
බට්ලර් පන්දු 59 කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 95 ක්. හයේ පහර 4 ක් හා හතරේ පහර 10ක් ඔහුගේ ඉනිමට ඇතුළත් වුණා.
බුවනේෂ්වර් කුමාර් යොමු කළ සුපිරි යෝකර් පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වීමෙනුයි ඔහු දැවී ගියේ.
එහි දර්ශන පහතින් නරඹන්න –

