අවසන් පන්දුවේ නිපන්දුව සන්රයිසස් පිලට නොසිතූ ජයක් හිමි කරයි

Date:

තරගයේ අවසන් පන්දුව සන්දීප් ෂර්මා විසින් නිපන්දුවක් යොමු කිරීම හේතුවෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 4ක නොසිතූ ජයග්‍රහනයක් වාර්තා කිරීමට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම අද(7) සමත් වුණා.

ජායිපූර්හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 2 ක් දැවී ලකුණු 214 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම ඉනිමේ අවසන් පන්දුවේ දී කඩුලු 6ක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා.

ආරම්භක පිතිකරුවන් වූ අන්මොල්ප්‍රීට් සිං ලකුණු 33 ක් හා අභිෂේක් ෂර්මා ලකුණු 55(34) ක් රැස් කළා. රාහුල් ත්‍රිපාති ලකුණු 47(29) කටත්, හෙන්රික් ක්ලාසෙන් ලකුණු 26කටත් දැවී ගියා. නායක ඒඩ්න් මාක්‍රම් ලකුණු 6 යි. පන්දු යැවීමේ දී යුස්වේන්ද්‍ර චෙහල් ලකුණු 29 කට කඩුලු 4ක් බිද හෙලමින් සන්රයිසස් බලාපොරොත්තු සුන් කිරීමට සමත් වුණා.

අවසන් පන්දුවාර දෙකේ දී තරගය ජය ගැනීමට සන්රයිසස් පිලට ලකුණු 41 ක් අවශ්‍ය වුණා.

ග්ලේන් පිලිප්ස් ඉනිමේ 19 වැනි පන්දුවාරයේ පළමු පන්දු තුනට කුල්දිප් යාදව්ට එරෙහිව පිට පිට හයේ පහර 3ක් ද, සිව්වැනි පන්දුවට හතරේ පහරක් ද එල්ල කරමින් පන්දු 7 කින් ලකුණු 25 ක් රැස් කරමින් සිය කණ්ඩායමට යළි ජයග්‍රහනය පිළිබද බලාපොරොත්තු එක්කිරීමට සමත් වුණා. ඔහු එම පන්දුවාරයේ 5 වැනි පන්දුවේ දී දැවී ගියා.

අවසන් පන්දුවාරයේ දී තරගය ජය ගැනීම සදහා අවශ්‍ය වූ ලකුණු ප්‍රමාණය 17 ක්. සටන්කාමී ඉනිමක් දියත් කළ අබ්දුල් සමාද් පන්දු 7 කින් නොදැවී ලකුණු 17ක් වාර්තා කරමින් සන්රයිසස් පිලට ජය ගෙන ඒමට සමත් වුණා.

තරගයේ අවසන් පන්දුවට ජයග්‍රහනය සදහා ලකුණු 5ක් අවශ්‍ය වූ අතර, එම පන්දුවේ දී උඩ පන්දුවක් ලබා දී සමාද් දැවී ගියා. කෙසේ වෙතත්, තෙවන විනිසුරු එම පන්දුව නිපන්දුවක් ලෙස සංඥා කිරීමත් සමග සන්රයිසස් පිලට තරගය ජය ගැනීමට අවසන් පන්දුවට අවශ්‍ය වූයේ ලකුණු 4ක් පමණයි. එය හයේ පහරක් එල්ල කරමින් සපුරා ගැනීමට සමාද් සමත් වුණේ සිය කණ්ඩායමට සුපිරි ජයක් හිමි කර දෙමින්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් රාජස්ථාන් ඉනිම වෙනුවෙන් ජොස් බට්ලර් පන්දු 59 කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 95 ක්. හයේ පහර 4 ක් හා හතරේ පහර 10ක් ඔහුගේ ඉනිමට ඇතුළත් වුණා.

නායක සංජු සැම්සන් නොදැවී ලකුණු 66 යි. පන්දු 38 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 5 ක් හා හතරේ පහර 4 ක් ඇතුළත්. යශස්වි ජයිස්වාල් ලකුණු 35 (18) යි.

දැවී ගිය කඩුලු 2 දවා ගත්තේ බුවනේෂ්වර් කුමාර් හා මාර්කෝ ජන්සෙන් විසින්.

අවසන් පන්දු දෙකේ දර්ශන කිහිපයක් පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...