ගිල්, ව්රිධිමන් හා මෝහිට්ගේ සුපිරි දක්ෂතා හමුවේ ටයිටන්ස් පිලට දැවැන්ත ජයක්

Date:

ව්රිධිමන් සහාගේ හා ෂුබ්මන් ගිල්ගේ විශිෂ්ඨ පිතිහරඹයත්, මෝහිට් ෂර්මාගේ අනර්ඝ පන්දු යැවීමත් හමුවේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 51 වැනි තරගයෙන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පරදා ලකුණු 56 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අද(7) සමත් වුණා.

අහ්මදාබාද්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ නායක කෘනාල් පාන්ඩ්යා සමත් වූ අතර, ඒ අනුව ඔහු සිය සහෝදරයා වන හර්ඩික් පාන්ඩ්යා නායකත්වය දරන ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

ඊට ප්‍රබල ප්‍රතිචාරයක් දැක් වූ ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 2 ක් දැවී ලකුණු 227 ක් ලබා ගනිමින්.

ආරම්භක කඩුල්ල සදහා ලකුණු 142 ක සම්බන්ධතාවයක් පන්දුවාර 12.1 ක් තුළ ගොඩ නැගීමට ව්රිධිමන් සහා හා ෂුබ්මන් ගිල් සමත් වුණා.

ව්රිධිමන් ලකුණු 81 කට දැවී ගියේ පන්දු 43 කට මුහුණ දෙමින්. හයේ පහර 4 ක් හා හතරේ පහර 10 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. හර්ඩික් පාන්ඩ්යා ලකුණු 25 ක් ද, ඩේවිඩ් මිලර් නොදැවී ලකුණු 21 ක් ද රැස් කළා.

ෂුබ්මන් ගිල් පන්දු 51 කදී නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 94 ක්. ඒ, හයේ පහර 7 ක් හා හතරේ පහර 2ක් සමගින්. පන්දු යැවීමේ දී මොහ්සින් ඛාන් හා අවේශ් ඛාන් කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලක්නව් පිලට පන්දුවාර 20 තුළ කඩුලු 7 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 171 ක් පමණයි. පළමු කඩුල්ල සදහා ලකුණු 88 ක සම්බන්ධතාවයක් පිහිටුවීමට ක්යල් මේයර්ස් හා ක්වෙන්ටන් ඩී කොක් සමත් වුණා.

එම සබදතාවය බිද වැටුණේ රෂීඩ් ඛාන් රැක ගත් සුපිරි උඩ පන්දුවක් හමුවේ මේයර්ස් ලකුණු 48 (32) කට දැවී යාමත් සමගයි. ක්වෙන්ටන් ඩී කොක් පන්දු 41 කින් ලකුණු 70 ක් ලබා ගත්තා. අයුෂ් බදෝනි ලකුණූ 21 යි.

පන්දු යැවීමේ දී මෝහිට් ෂර්මා කඩුලු 4 ක් දවා ගත්තේ ලකුණු 29 ක් ලබා දෙමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...