ලක්නව් – චෙන්නායි ගැටුම වැස්සට සේදෙයි

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ චෙන්නායි සුපර් කිංගස් කණ්ඩායම හා ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම අතර අද (3) පැවැති තරගාවලියේ 45 වැනි තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිපලයකින් තොරව අවසන් වුණා.

ලක්නව් හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ චෙන්නායි පිල පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ලක්නව් කණ්ඩායමට ලබා දුන්නා.

ලක්නව් කණ්ඩායම පන්දුවාර 19.2 ක් අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 125 ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, අනතුරුව තරගය යළි ආරම්භ කිරීමට හැකි වූයේ නැහැ.

ලක්නව් ඉනිමේ පළමු කඩුලු 5 ලකුණු 44 ක් තුළ බිද වැටුණා. අනතුරුව අයුෂ් බදෝනි පන්දු 33 කින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 59 ක්. ඒ, හයේ පහර 4 ක් හා හතරේ පහර 2 ක් සමගින්. නිකලස් පූරාන් පන්දු 31 කින් ලකුණු 20 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී මොයීන් අලී, මහීෂ් තීක්ෂන හා මතීෂ පතිරණ කඩුලු 2 බැගින් බිද හෙලුවා.

තරගය ප්‍රතිපලයකින් තොරව අවසන් වීම හේතුවෙන් කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණ බැගින් හිමි වුණා.

ඒ අනුව ලක්නව් කණ්ඩායම හා චෙන්නායි කණ්ඩායම ප්‍රසාද ලකුණු 11 බැගින් ලබා මේ වන විට පිළිවෙලින් දෙවැනි හා තෙවැනි ස්ථානවල රැදී සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...