දකුණු අප්‍රිකා සුපිරි වේග පන්දු යවන්නිය ජගත් ක්‍රිකට් පිටියට සමු දෙයි

Date:

දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩිකා Shabnim Ismail ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

වසර 16 ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමු දුන්න ද , 34 හැවිරිදි ඇය තවදුරටත් ලොව වටා 20යි 20 ලීග් තරගාවලි ක්‍රීඩා කිරීමට සූදානමින් පසුවනවා.

2023/24 තරග වාරය සදහා ජාතික කොන්ත්‍රාත්තුවක් ඇයට එරට ක්‍රිකට් ආයතනයෙන් ලබා දීමට තීරණය කළ ද, ඇය එය ප්‍රතික්ෂේප කරමින් ජාත්‍යන්තර පිටියට සමු දීමට තීරණය කර ඇත්තේ සිය පවුලේ කටයුතු පිළිබද වැඩි අවධානයක් යොමු කිරීමේ අරමුණින්.

Shabnim Ismail දකුණු අප්‍රිකාව වෙනුවෙන් එක් ටෙස්ට් තරගයක්, එක්දින තරග 127 ක් හා 20යි 20 තරග 113 ක් ක්‍රීඩා කර තිබෙනවා.

එහිදී පිළිවෙළින් ඇය කඩුලු 3, 191 හා 123 ක් දවා ගැනීමට සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...