Watch : ආචර්ට එරෙහිව ලිවින්ග්ස්ටන් පිට පිට ගහපු දැවැන්ත හයේ පහර 3

Date:

පංජාබ් කිංග්ස් කණ්ඩායමේ පිතිකරු ලියම් ලිවින්ග්ස්ටන් විසින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්ර ආචර්ට එරෙහිව පිට පිට හයේ පහර 3ක් එල්ල කිරීමට අද(3) සමත් වුණා.

ඒ, මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද රාත්‍රියේ ආරම්භ වූ තරගාවලියේ 46 වැනි තරගයේ දී යි.

කාසියේ වාසිය දිනූ මුම්බායි කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් පංජාබ් කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 3 ක් දැවී ලකුණු 214 ක් ලබා ගනිමින්.

එහිදී ලිවින්ග්ස්ටන් පන්දු 42 කින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 82 ක්. හයේ පහර 4 ක් හා හතරේ පහර 7ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

ඉනිමේ 19 වැනි පන්දුවාරයේ දී යි ඔහු ජොෆ්ර ආචර්ට එරෙහිව පිට පිට දැවැන්ත හයේ පහර 3ක් එල්ල කිරීමට සමත් වුණේ. එම පන්දුවාරයේ දී වාර්තා වූ ලකුණු සංඛ්‍යාව 27 ක්.

පිට පිට එල්ල කළ හයේ පහර 3 පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...