Watch : මතීෂගේ වේග පන්දුවට පූරාන් හා ගෞතම් ගොදුරු වූ හැටි

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද(3) පස්වරුවේ ආරම්භ වූ තරගාවලියේ 45 වැනි තරගයේ දී කඩුලු 2 ක් දවා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ සමත් වුණා.

ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහි මෙම තරගය ලක්නව් හී දී ආරම්භ වූ අතර, කාසියේ වාසිය දිනූ චෙන්නායි පිල පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ලක්නව් කණ්ඩායමට ලබා දුන්නා.

ලක්නව් කණ්ඩායම පන්දුවාර 19.2 ක් අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 125 ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

ඉනිමේ පළමු කඩුලු 5 ලකුණු 44 ක් තුළ බිද වැටුණු අතර, අනතුරුව අයුෂ් බදෝනි පන්දු 33 කින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 59 ක්.

පන්දු යැවීමේ දී මොයීන් අලී, මහීෂ් තීක්ෂන හා මතීෂ පතිරණ කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පතිරණ පන්දුවාර 3.2 ක් යොමු කරමින් ප්‍රතිවාදීන්ට ලකුණු 22 ක් පමණක් ලබා දෙමිනුයි එම කඩුලු 2 දවා ගත්තේ.

ඔහුගේ පන්දු හමුවේ දැවී ගියේ ලකුණු 20 ක් ලබා සිටි නිකලස් පූරාන් හා එක් ලකුණක් ලබා සිටි කේ ගෞතම්.

එම කඩුලු දෙකේ දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...