කිෂන්-සූර්යකුමාර් ප්‍රහාරය හමුවේ මුම්බායි 215 හඹා යයි

Date:

සූර්යකුමාර් යාදව් හා ඉෂාන් කිෂන්ගේ වේගවත් පිතිහරඹය හමුවේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 46 වැනි තරගයෙන් පංජාබ් කිංග්ස් කණ්ඩායම පරදා කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා.

මොහාලි හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් පංජාබ් කිංග්ස් කණ්ඩායම ලියම් ලිවින්ග්ස්ටන්ගේ හා ජිටේෂ් ෂර්මාගේ අනර්ඝ පිතිහරඹයෙන් ශක්තිමත් වෙමින් නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 3 ක් දැවී ලකුණු 214 ක් ලබා ගනිමින්. ඔවුන් අවසන් තරග හතරේ දී ම ලකුණු 200 සීමාව පසු කර යාම කැපී පෙනෙනවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 7 ක් ඉතිරිව තිබියදී කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා. රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව මුම්බායි කණ්ඩායම ලකුණු 213 ක ඉලක්කයක් සාර්ථක ලෙස හඹා ගොස් දින 3ක් ගතව තිබූ පසුබිමක ඔවුන් යළිත් මෙවැනි දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් සාර්ථකව හඹා යාම විශේෂත්වයක්.

පළමු පන්දුවාරයේ තෙවැනි පන්දුවේ දී නායක රෝහිත් ෂර්මා ලකුණු නොලබා සිටියදී දවා ගැනීමට රිෂී ධවාන් සමත් වුණා. මෙය රෝහිත් මුම්බායි කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ 200 වැනි තරගයයි. අනතුරුව කැමරන් ග්‍රීන් ලකුණු 23 කට දැවී ගියා.

සූර්යකුමාර් හා කිෂන් අතර තෙවැනි කඩුල්ල සදහා ලකුණු 116 (55) ක සම්බන්ධතාවයක් ගොඩ නැගුණා. කිෂන් පන්දු 41 කින් ලකුණු 75 ක් රැස් කලේ හයේ පහර 4 ක් හා හතරේ පහර 7 ක් සමගින්. සූර්යකුමාර් පන්දු 31 කින් වේගවත් ලකුණු 66 ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිමට හයේ පහර 2 ක් හා හතරේ පහර 8 ක් ඇතුළත්.

තිලක් වර්මා නොදැවී ලකුණු 26 ක් හා ටිම් ඩේවිඩ් නොදැවී ලකුණු 19 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා. පන්දු යැවීමේ දී නේදන් ඇලිස් ලකුණු 34 කට කඩුලු 2 ක් දවා ගත්තා.

පළමුව පන්දුවට පහරදුන් පංජාබ් ඉනිම ආරම්භ කළ ප්‍රබ්සිම්රන් සිං ලකුණු 9කට දැවී ගියා. නායක ශිකර් ධවාන් ලකුණු 30 යි. මැතිව් ශෝර්ට් ලකුණු 27 කට දැවී ගියා. අනතුරුව ලියම් ලිවින්ග්ස්ටන් හා ජිටේෂ් ෂර්මා පන්දු 53 කින් නොබිදුණු ලකුණු 119 ක වේගවත් සම්බන්ධතාවයක් ගොඩ නැගීමට සමත් වීම කැපී පෙනුණා.

ලිවින්ග්ස්ටන් පන්දු 42 කින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 82 ක්. හයේ පහර 4 ක් හා හතරේ පහර 7ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා. හයේ පහර 2ක් හා හතරේ පහර 5 ක් සමගින් ෂර්මා පන්දු 27 කින් නොදැවී රැස් කළ ලකුණු ප්‍රමාණය 49 ක්.

පන්දු යැවීමේ දී පියුෂ් චවුලා ලකුණු 29 කට කඩුලු 2 ක් දවා ගත් අතර, අර්ෂාද් ඛාන් ලකුණු 48 කට එක් කඩුල්ලක් බිද හෙලුවා.

ජොෆ්ර ආචර් යොමු කළ පන්දුවාර 4 තුළ දී ප්‍රතිවාදීන් ලකුණු 56 ක් වාර්තා කිරීම විශේෂත්වයක්. ආචර් යොමු කළ සිව්වැනි පන්දුවාරයේ දී ලකුණු 27 ක් වාර්තා වුණා. එම පන්දුවාරයේ පළමු පන්දු 3ට ලිවින්ග්ස්ටන් විසින් පිට පිට හයේ පහර 3 ක් එල්ල කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...