ඉමාම්, බාබර් හා පන්දු යවන්නන් තරගාවලියේ ජය පාකිස්තානයට තහවුරු කර දෙයි

Date:

ඉමාම් උල් හක් හා බාබර් අසාම්ගේ සාර්ථක ඉනිම් හා පන්දු යවන්නන්ගේ දක්ෂතා හමුවේ නවසීලන්තය සමග පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 26 ක ජයක් වාර්තා කිරීමට පාකිස්තානය සමත් වුණා.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් යුත් එක්දින තරගාවලිය තරග 2ක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට මේ වන විටත් (3-0) පාකිස්තානය සමත්ව අවසන්.

කරච්චි හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව පාකිස්තානයට ලබා දුන් අතර, පාකිස්තාන පිතිකරුවන් නියමිත පන්දුවාර 50 නිමා කළේ කඩුලු 6ක් දැවී ලකුණු 287 ක් ලබා ගනිමින්.

ඉමාම් උල් හක් ලකුණු 90 ක් හා බාබර් අසාම් ලකුණු 54 ක් රැස් කළා. මොහමඩ් රිස්වාන් ලකුණු 32 කටත්, අගා සල්මාන් ලකුණූ 31 කටත් දැවී ගියා. ශඩාබ් ඛාන් පන්දු 10 කින් නොදැවී ලකුණු 21 යි.

පන්දු යැවීමේ දී මැට් හෙන්රි ලකුණු 54 කට කඩුලු 3 ක් දවා ගත්තා. ඇඩම් මිල්න් කඩුලු 2 ක් දවා ගත්තේ ලකුණු 56 ක් ලබා දෙමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තයට පන්දුවාර 49.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 261 ක් පමණයි.

ටොම් බ්ලන්ඩල් ලකුණු 65 ක් හා Cole McConchie නොදැවී ලකුණු 64 ක් රැස් කළා. ටොම් ලේතම්  ලකුණු 45 යි.

පන්දු යැවීමේ දී ශහීන් ශාහ් අෆ්රිඩි, නසිම් ශාහ් හා මොහමඩ් වසීම් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...