ලිටොන් දාස් වෙනුවට කොල්කටා කණ්ඩායමට ක්‍රීඩක ආදේශ කිරීමක්

Date:

බටහිර ඉන්දීය ‌කොදෙව් පිතිකරු ජොන්සන් චාර්ල්ස් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග වෙනුවෙන් ගිවිසුම්ගත වී තිබෙනවා.

ඒ, කොල්කටා කණ්ඩායම නියෝජනය කළ බංග්ලාදේශයේ ලිටොන් දාස් වෙනුවටයි.

සිය පවුලේ ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ලිටොන් දාස් පසුගියදා අයි.පී.එල් තරගාවලිය අතරතුර දී යළි සියරට බලා පිටව ගියා. ඔහු මෙවර තරගාවලියේ දී ක්‍රීඩා කළේ එක් තරගයක් පමණයි.

ලබන සතියේ දී අයර්ලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ද බංග්ලාදේශය වෙනුවෙන් ලිටොන් දාස් ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඔහු වෙනුවට කොල්කටා සංචිතයට නම් කෙරුණු ජොන්සන් චාර්ල්ස් කොදෙව්වන් වෙනුවෙන් 20යි 20 ජාත්‍යන්තර තරග 41 ක් ක්‍රීඩා කර ඇති අතර, එහිදී ලකුණු 971 ක් ඔහු වාර්තා කර තිබෙනවා.

ඔහු 2012 හා 2016 වසරවලදී 20යි 20 ලෝක ශූරතාවය දිනූ කොදෙව් සංචිතයේ සාමාජිකයෙකු ලෙස ද කටයුතු කළා.

ජොන්සන් චාර්ල්ස් 20යි 20 තරග 224 කදී රැස් කර ගෙන ඇති සමස්ත ලකුණු සංඛ්‍යාව 5,607 ක්. ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී ඔහු යාපනය කණ්ඩායම සදහා ද ක්‍රීඩා කළා.

ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක මුදලකටයි ඔහු කොල්කටා කණ්ඩායම සමග ගිවිසුම්ගත වී ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...