රොව්මන් පවෙල් රෝයල්ස් කණ්ඩායමට අලෙවි කෙරේ

Date:

2022 කැරිබියන් ප්‍රිමියර් ලීග් (සී පී එල්) ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනූ ජැමයිකා තලවාස් කණ්ඩායමේ නායක රොව්මන් පවෙල් බාර්බඩෝස් රෝයල්ස් කණ්ඩායම වෙත අලෙවි කර තිබෙනවා.

ඒ අනුව වත්මන් කොදෙව් 20යි 20 කණ්ඩායමේ නායක පවෙල් එළඹෙන සී පී එල් තරග වාරයේ දී රෝයල්ස් කණ්ඩායමේ නායකත්වය ද දැරීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

පසුගිය තරග වාරය රෝයල්ස් කණ්ඩායම නිමා කළේ තරගාවලියේ අනුශූරතාවය දිනා ගනිමින්.

මෙම ක්‍රීඩක ගණුදෙණුවට අනුව පා දග පන්දු යවන ක්‍රීඩක හෙයිඩ්න් වොල්ෂ් රෝයල්ස් කණ්ඩායමේ සිට තලවාස් කණ්ඩායම සමග එක්වී තිබෙනවා.

2023 කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය කැරිබියන් රටවල් 5කදී අගෝස්තු 17 වැනිදා සිට සැප්තැම්බර් 24 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

අගෝස්තු පළමු වැනිදා සිට 27 වැනිදා දක්වා එංගලන්තයේ දී පැවැත්වීමට නියමිත පන්දු සියයේ (හන්ඩ්‍රඩ්) ක්‍රිකට් තරගාවලිය සමග මෙම තරගාවලියේ කාලසටහන පිට පිට තෙවැනි වසරටත් ගැටීමක් සිදුව තිබෙනවා.

මේ වන විට අදාළ තරගාවලි දෙකම නියෝජනය කරන එකම කොදෙව් ක්‍රීඩකයා වන්නේ සුනිල් නරේන් පමණයි.

ඒ අනුව ඔහු සී පී එල් තරගාවලියට එක්වීමට පෙර Oval Invincibles කණ්ඩායම වෙනුවෙන් තරග 5 ක් පමණ ක්‍රීඩා කිරීමට නියමිතව ඇති බව සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...