Watch : CSK පිල යළි සටනට ගෙන ආ මතීෂගේ සුපිරි කඩුල්ල

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 41 වැනි තරගයේ දී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ අද(30) සමත් වුණා.

පංජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහිව චෙන්නායි හී දී පැවැති මෙම තරගයේ දී ඔහු පන්දුවාර 4 තුළ දී ලකුණු 32 ක් ලබා දෙමින් එක් කඩුල්ලක් දවා ගත්තා.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 4 ක් දැවී ලකුණු 200 ක් ලබා ගනිමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පංජාබ් කණ්ඩායම අවසන් පන්දුවේ දී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 6ක් දැවී සිටියදීයි.

පංජාබ් පිතිකරුවන් වේගවත් පිතිහරඹයක නිරත වන අවස්ථාවක ඉනිමේ 18 වැනි හා 20 වැනි පන්දුවාර යොමු කිරීමේ අභියෝගය මතීෂට පැවරුණු අතර, 18 වැනි පන්දුවාරයේ දී ඔහු ලබා දුන්නේ ලකුණු 9ක් පමණයි.

එම පන්දුවාරයේ පළමු පන්දුවෙන්ම විශිෂ්ඨ පන්දුවක් යොමු කරමින් සෑම් කරන්ගේ කඩුල්ල දවා ගැනීමට ද මතීෂ සමත් වුණේ තරගය ජය ගැනීම පිළිබද බලාපොරොත්තු සුපර් කිංග්ස් කණ්ඩායමට තවදුරටත් විවර කරමින්.

ඔහු යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් සෑම් කරන්ට ලකුණු 29 ක් ලබා යළි ක්‍රීඩාගාරය වෙත හැරී යාමට සිදු වුණා. (එම කඩුල්ලේ දර්ශන පහතින් නරඹන්න)

මතීෂ යොමු කළ තරගයේ අවසන් පන්දුවට ලකුණු 3 ක් ජයග්‍රහනය සදහා අවශ්‍ය වූ අතර, සිකන්ඩා රාසා එම ලකුණු 3 රැස් කිරීමත් සමග මෙම තරගයෙන් තියුණු ජයක් පංජාබ් පිලට හිමි වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...