සුප්‍රකට විස්ඩන් සගරාව විසින් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සිව්වැනි ඉනිමේ දී හොදම දක්ෂතා දැක් වූ ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් ලෝක කණ්ඩායමක් පසුගියදා ප්‍රකාශයට පත් කළා.
මෙම ලෝක කණ්ඩායමට ටෙස්ට් තරගයක සිව්වැනි ඉනිමේ දී දක්ෂතා දැක් වූ ලෝක ටෙස්ට් ඉතිහාසයේ දක්ෂ ක්‍රීඩකයින් 11 දෙනෙකු නම් කිරීමටයි විස්ඩන් සගරාව පියවර ගෙන ඇත්තේ.
කණ්ඩායමට ඉන්දීය ක්‍රීඩකයින් දෙදෙනෙකු, ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් සිව්දෙනෙකු, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් දෙදෙනෙකු, දකුණු අප්‍රිකා, පාකිස්තාන හා ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු බැගින් ඇතුළත්.
ශ්‍රී ලංකාවෙන් මෙම ලෝක කණ්ඩායමට ඇතුළත් කර ඇත්තේ හිටපු සුපිරි දග පන්දු යවන ක්‍රීඩක රංගන හේරත්.
ඔහු සිව්වැනි ඉනිමේ දී පමණක් බිද හෙලා ඇති කඩුලු ගණන 115 ක්.
මෙම කණ්ඩායමට ඉන්දියාවේ රිෂාබ් පාන්ට් ද ඇතුළත් කර තිබීම කැපී පෙනෙනවා.
Wisden’s all-time fourth-innings men’s Test XI – (සිව්වැනි ඉනිමේ දී දක්වා ඇති දක්ෂතා පහතින් දක්වා ඇත)
1. Sunil Gavaskar – India
1,398 runs @ 58.25, 100s: 4, 50s: 8
2. Graeme Smith – South Africa
1,611 runs @ 51.96, 100s: 4, 50s: 9
3. Don Bradman – Australia
734 runs @ 73.40, 100s: 3, 50s: 4
4. Ricky Ponting – Australia (c)
1,462 runs @ 50.41, 100s: 4, 50s: 6
5. Younis Khan – Pakistan
1,465 runs @ 50.51, 100s: 5, 50s: 6
6. Rishabh Pant – India (wk)
368 runs @ 61.33, 100s: 1, 50s: 2
7. Garry Sobers – West Indies
607 runs @ 46.69, 100s: 2, 50s: 2
36 wickets @ 35.02, BBI: 6-73
8. Shane Warne – Australia
138 wickets @ 23.14, 5-fors: 7
9. Curtly Ambrose – West Indies
58 wickets @ 16.13, 5-fors: 3
10. Rangana Herath – Sri Lanka
115 wickets @ 18.08, BBI: 8-63
11. Glenn McGrath – Australia
103 wickets @ 19.49, 5-fors: 5

