Watch : 99.99 න් බේරුණු සුපිරි උඩ පන්දුව

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද(30) පස්වරුවේ පැවැති තරගාවලියේ 41 වැනි තරගයේ දී බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් උඩ පන්දුවක් රැක ගැනීමට 18 හැවිරිදි ශෙයික් රෂීඩ් සමත් වුණා.

මෙම තරගයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පරදා කඩුලු 4ක ජයක් වාර්තා කිරීමට සමත් වුණේ පංජාබ් කිංග්ස් කණ්ඩායමයි.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 4 ක් දැවී ලකුණු 200 ක් ලබා ගනිමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පංජාබ් කණ්ඩායම අවසන් පන්දුවේ දී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 6ක් දැවී සිටියදීයි.

පංජාබ් ඉනිමේ 19 වැනි පන්දුවාරයේ දී ජටේෂ් ෂර්මා දවා ගැනීම සදහායි ශෙයික් රෂීඩ් අදාළ උඩ පන්දුව රැක ගනු ලැබුවේ.

උඩ පන්දුව රැක ගැනීමෙන් පසුව ඔහුට සිය සමබරතාවය ගිලිහී ගොස් හතරේ සීමාව ආසන්නයටම ලිස්සා ගිය ආකාරයක් දැක ගත හැකි වුණා.

ඒ අනුව උඩ පන්දුව රැක ගත් ශෙයික් රෂීඩ් ද එය හයේ පහරක් වන්නට ඇති ඇති බවට අනුමාන කළ බවක් දක්නට ලැබුණා.

කෙසේ වෙතත්, පුනරූපන නැරඹීමෙන් පසුව තෙවන විනිසුරු තීරණය කළේ එය දැවී යාමක් බවයි.

දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...