මතීෂගේ විශිෂ්ඨ උත්සාහය අවසන් පන්දුවේ දී අපතේ යයි ; පංජාබ් කණ්ඩායමට කඩුලු 4ක ජයක්

Date:

මතීෂ පතිරණගේ විශිෂ්ඨ උත්සාහය අපතේ යවමින් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 41 වැනි තරගයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පරදා කඩුලු 4ක ජයක් වාර්තා කිරීමට පංජාබ් කිංග්ස් කණ්ඩායම අද(30) සමත් වුණා.

චෙන්නායි හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 4 ක් දැවී ලකුණු 200 ක් ලබා ගනිමින්.

ඩෙවෝන් කොන්වේ නොදැවී ලකුණු 92යි. පන්දු 52 කින් හයේ පහරක් හා හතරේ පහර 16 ක් සමගින් ඔහු එම ඉනිම ගොඩ නැගුවා. රුටුරාජ් ගයික්වඩ් ලකුණු 37 කටත්, ශිවම් ඩූබේ ලකුණු 28 කටත් දැවී ගියා.

නායක එම් එස් දෝනි අවසන් පන්දුවාරයේ දී පිතිකරණයේ නිරත වීමට පිටියට පිවිසි අතර, ඔහු පන්දු 4 කින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 13 ක්. ඒ, ඉනිමේ අවසන් පන්දු දෙකට එල්ල කළ සුපිරි හයේ පහර 2 ත් සමගින්. (දර්ශන නැරඹීමට මෙතන ක්ලික් කරන්න)

පන්දු යැවීමේ දී අර්ෂ්දීප් සිං, සෑම් කරන්, රාහුල් චහාර් හා සිකන්ඩා රාසා එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පංජාබ් කණ්ඩායම අවසන් පන්දුවේ දී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 6ක් දැවී සිටියදීයි.

ලකුණු 201 ක ඉලක්කයක් සාර්ථක ලෙස හඹා ගියද කිසිදු පංජාබ් පිතිකරුවෙකු අර්ධ ශතකයක් වාර්තා නොකිරීම කැපී පෙනුණා.

ප්‍රබ්සිම්රන් සිං ලකුණු 42(24) ක්, ලියම් ලිවින්ග්ස්ටන් ලකුණු 40(24)ක් හා සෑම් කරන් ලකුණු 29(20)ක් රැස් කළා. ජිටේෂ් ෂර්මා ලකුණු 21(10) යි.

සිකන්ඩා රාසා නොදැවී ලකුණු 13 (7) ක් ලබා ගනිමින් සිය කණ්ඩායමට තියුණු ජයක් හිමි කර දුන්නා.

පන්දු යැවීමේ දී තුෂාර් දේශ්පන්ඩේ කඩුලු 3ක් දවා ගත්තේ ලකුණු 49 ක් ලබා දෙමින්. රවීන්ද්‍ර ජඩේජා ලකුණු 32 කට කඩුලු 2 ක් දවා ගත්තා. මහීෂ් තීක්ෂණ සිය පන්දුවාර 4 තුළ දී ප්‍රතිවාදීන්ට ලබා දුන් ලකුණු ප්‍රමාණය 36 ක්.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ මතීෂ පතිරණ ලකුණු 32 කට එක් කඩුල්ලක් බිද හෙලුවා. අවසන් පන්දුවාරයේ දී තරගය ජය ගැනීම සදහා ලකුණු 9 ක් පමණක් අවශ්‍ය වූ නමුත්, තරගය අවසන් පන්දුව දක්වාම රැගෙන යාමට මතීෂ සමත් වුණා.

අවසන් පන්දුවට ලකුණු 3 ක් ජයග්‍රහනය සදහා අවශ්‍ය වූ අතර, සිකන්ඩා රාසා එම ලකුණු 3 රැස් කිරීමත් සමග මෙම තරගයෙන් තියුණු ජයක් පංජාබ් පිලට හිමි වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...