ඔස්ට්‍රේලියාව යළි 20යි 20 පෙරමුණට

Date:

පන්දුවාර 20යි 20 ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ යළි තමන් සතු කර ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා.

ඒ, එංගලන්තය සමග පැවැති තෙවැනි හා අවසන් පන්දුවාර 20යි 20 තරගයෙන් ඕස්ට්‍රේලියාව කඩුලු 5ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

සවුත්හැම්ටන් හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු 6ක් දැවී ලකුණු 145ක් ලබා ගත්තා.

ජොනී බෙයාර්ස්ටව් ලකුණු 55යි.

පන්දු යැවීමේ දී ඇඩම් සම්පා කඩුලු 2 ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව ඉනිම නිමා වීමට පන්දු 3ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

නායක ආරෝන් ෆින්ච් ලකුණු 39ක් ලබා ගත් අතර, මිචෙල් මාෂ් නොදැවී ලකුණු 39ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී අඩිල් රෂීඩ් බිද හෙලූ කඩුලු සංඛ්‍යාව 3ක්.

කෙසේ වෙතත්, තරගාවලියේ ජය තරග 2-1ක් ලෙස හිමි වුණේ එංගලන්තයටයි.

මේ වන විට ඔස්ට්‍රේලියාවට 20යි 20 ශ්‍රේණිගත කිරීම්හි ප්‍රසාද ලකුණූ 275ක් හිමිව ඇති අතර, එංගලන්තය ලබා ගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 271ක්.

දෙරට අතර පැවැති දෙවැනි තරගයෙන් එංගලන්තය ජය ගැනීමත් සමග ඔවුන් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයට පත්වූ නමුත් තෙවැනි තරගයේ දී ලැබූ පරාජයත් සමග ඔවුන් යළි දෙවැනි ස්ථානය දක්වා පසු බැස තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...