අවසන් පූර්ව තරගයේ දී පූරන්ගේ පිල ලකුණු 55 කට දැවී යයි

Date:

මෙවර කැරබියන් ප්‍රිමියර් ලීගයේ දෙවන අවසන් පූර්ව තරගයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශාන්ත ලුසියා සෝක්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ, ගයානා ඇමසන් වොරියස් කණ්ඩායමට එරෙහිව කඩුලු 10 ක ජයක් වාර්තා කරමින්.

ට්‍රිනිඩැඩ්හී දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශාන්ත ලුසියා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ගයානා වොරියස් කණ්ඩායමට ආරාධනා කළා.

එම ආරාධනයෙන් පිටියට පිවිසි ගයානා පිතිකරණ ලැයිස්තුව මුළුමනින්ම අසරණ කිරිමට ශාන්ත ලුසියා පන්දු යවන්නන් සමත් වුණේ මුලු ලකුණු පුවරුව 55 ක් ව තිබියදී සියලු පිතිකරුවන්ව යළි ක්‍රීඩාගාරය වෙත හරවා යවමින්.

ලකුණු 25 ක් ලබාගත් චන්ද්‍රපෝල් හෙම්රාජ් ඉනිමේ වැඩිම ලකුනු ලාභියා බවට පත්වූ අතර සෙසු එකදු පිතිකරුවෙකුටවත් යම් තාක් දුරකට හෝ සාර්ථක ඉනිමක් දියත් කිරීමට අවස්ථාවක් ලුසියා පන්දු යන්නන්ගෙන් ලැබුණේ නැහැ.

නිකලස් පූරන්ට ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 11 ක් පමණයි.

ක්‍රිස් ග්‍රීන් ලකුණූ 11යි.

සිම්රන් හෙට්මයර් ලකුනු නොලබා දැවී ගිය අතර, රොස් ටේලර් ලකුණු 3 කට දැවීගියා.

පන්දු යැවීමේ දී Scott Kuggeleijn, රොස්ටන් චේස්, Mark Deyal හා සහීර් කාන් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

ලකුණු 56 ක පහසු ඉලක්කයක් හඹාගිය ශාන්ත ලුසියා සෝක්ස් කණ්ඩායම පන්දුවාර 4.3 ක් තුල එකදු කඩුල්ලක් හෝ බිඳ නොවැටී ජයග්‍රහණය වාර්තා කළා.

රකීම් කෝන්වෝල් නොදැවී ලකුණු 32 ක් හා මාක් ‍ඩෙයාල් නොදැවී ලකුණු 19 ක් රැස්කළා.

ඒ අනුව එළඹෙන දහ වනද පැවැත්වීමට නියමිත අවසන් මහා තරගයට ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම සමගින් ක්‍රීඩා කිරීමට මේ වන විට සුදුසුකම් ලබා ඇත්තේ ශාන්ත ලුසියා සෝක්ස් කණ්ඩායමයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...