නයිට් රයිඩර්ස් සහ ලුසියා කණ්ඩායම් අවසන් තරගයට

Date:

කොදෙව් දූපත් හී පැවැත්වෙන කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගට  සුදුසුකම් ලබා ගැනීමට කිරන් පොලාඩ් නායකත්වය දරන ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ, ට්‍රිනිඩෑඩ්හි බ්‍රයන් ලාරා ක්‍රීඩාංගනයේ පැවැති පළමු අවසන්  පූර්ව තරගයෙන් ජැමෙයිකා තලවාස් කණ්ඩායම කඩුලු 9කින් පරාජයට පත් කරමින්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ජැමයිකා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලබා ගත්තේ ලකුණු 107ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 15ක් අවසානයේ දී එක් කඩුල්ලක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ලෙන්ඩ්ල් සිමන්ස් නොදැවී ලකුණු 54ක් රැස් කළා.

මේ අතර, තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය පැවැත්වුණේ ගයානා ඇමසන් වොරියස් සහ ශාන්ත ලුසියා සෝක්ස් කන්ඩායම් අතරයි.

එම තරගයෙන් කඩුලු 10ක පහසු ජයක් වාර්තා කිරීමට ශාන්ත ලුසියා කණ්ඩායම සමත් වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් ගයානා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 55ක් රුස් කළ අතර, එම ලකුණු සංඛ්‍යාව ශාන්ත ලුසියා කණ්ඩායම කිසිදු කඩුල්ලක් නොදැවී පසු කර ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...