බ්‍රාවෝ, පොලාඩ්, ශකිබ් ඇතුළු දැවන්තයින් රැසක් LPL තරගාවලියට

Date:

2023 ලංකා ප්‍රිමියර් ලීග් (එල් පී එල්) ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාව (Draft) හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු ජූනි 4 වැනිදා පැවැත්වෙන බව තරගාවලියේ සංවිධාන කටයුතු සිදු කරන ඉනෝවේටිව් ප්‍රඩක්ෂන් ගෘප් (Innovative Production Group) හෙවත් IPG ආයතනය පවසනවා.

ඒ සදහා ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීමේ කටයුතු මැයි 15 වැනිදා ආරම්භ කිරීමට නියමිත බවයි නිවේදනයක් නිකුත් කරමින් IPG ආයතනය සදහන් කළේ.

සිව්වැනි වරට මෙවර පැවැත්වෙන එල් පී එල් තරගාවලිය ජූලි 30 වැනිදා සිට අගෝස්තු 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Galle Gladiators, Dambulla Aura, Lyca Jaffna Kings, Colombo Strikers හා Kandy Falcons යන කණ්ඩායම් 5 මෙවර තරගාවලියට ද එක් වන අතර, තරගාවලියේ තරග කොළඹ දී හා මහනුවර දී පැවැත්වීමට නියමිතයි.

මෙවර තරගාවලිය සදහා බටහිර ඉන්දීය කොදෙව් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන ඩ්වේයන් බ්‍රාවෝ හා කයිරන් පොලාඩ් මෙන්ම බංග්ලාදේශයේ ශකිබ් අල් හසාන් ද ක්‍රීඩා කිරීමට සූදානමින් සිටින බව IPG ආයතනය නිකුත් කළ නිවේදනයේ සදහන්.

කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතව ඇති බැවින් බ්‍රාවෝ හා පොලාඩ් එල් පී එල් තරගාවලියේ පළමු අදියර සදහා පමණක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

ක්‍රීඩක කෙටුම්පත් කිරීම සදහා ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, පාකිස්තානය, බංග්ලාදේශය, අයර්ලන්තය, නවසීලන්තය හා නැමීබියාව යන රටවලින් මේ වන විටත් ක්‍රීඩකයින් ලියාපදිංචි වී ඇති බව ද IPG ආයතනය පෙන්වා දෙනවා.

මේ වන විටත් කෙටුම්පත් කිරීමට ලියාපදිංචි වී ඇති ක්‍රීඩකයින් –

  • ඕස්ට්‍රේලියාව – මැතිව් වේඩ්, ශෝන් මාෂ්, ඩර්සි ශෝර්ට්, උස්මාන් කවාජා
  • දකුණු අප්‍රිකාව – ලුනිග් එන්ගිඩී, ඉම්රාන් තහීර්, ටබ්රයිස් ශම්සි
  • පාකිස්තානය – මුහම්මද් නවාස්, නසීම් ශාහ්, වහබ් රියාස්
  • බංග්ලාදේශය – ලිටොන් දාස්, ශකිබ් අල් හසාන්, අෆිෆ් හොසේන්
  • අයර්ලන්තය – පෝල් ස්ටර්ලින්ග්
  • නවසීලන්තය – මිචෙල් සැන්ට්නර්, ඉෂ් සෝදි, ටිම් සෙයිෆර්ට්, ඩැරල් මිචෙල්, ඩග් බ්‍රේස්වෙල්
  • නැමීබියාව – ජෙරාඩ් එරාස්මස්
  • බටහිර ඉන්දීය කොදෙව් – ඩ්වේයන් බ්‍රාවෝ, කයිරන් පොලාඩ්

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...