ස්ටර්ලින්ග් හා කැම්පර් වාර්තා කළ ශතක හමුවේ දෙවැනි දිනයේ වැඩි ගෞරව අයර්ලන්තයට

Date:

පෝල් ස්ටර්ලින්ග් හා කර්ටිස් කැම්පර් වාර්තා කළ ශතක හමුවේ ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය ද අද (25) නිමා වුණේ දිනයේ වැඩි ගෞරව අයර්ලන්තයට හිමි කර දෙමින්.

වර්ෂාව සහිත අයහපත් කාළගුණය හේතුවෙන් නියමිත වේලාවට පෙර අද දිනය නිමා කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 81 ක් ලබා සිටියා. නිශාන් මදුෂ්ක නොදැවී ලකුණු 41 ක් හා දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 39 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

දිනය ආරම්භ කරන විට කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙමින් සිටි අයර්ලන්තය කඩුලු 4 ක් දැවී ලකුණු 319 ක් ලබා සිටි අතර, ඔවුන් සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 492 ක්.

ලෝකන් ටකර් අද දිනයේ දී යොමු කෙරුණු පළමු පන්දුවාරයෙන්ම ලකුණු 80 ක් ලබා සිටියදී දැවී ගියා.

අයර්ලන්ත ඉනිම වෙනුවෙන් ශතක දෙකක් වාර්තා වුණා. ඊයේ දිනයේ දී පාදයක ආබාධයක් හේතුවෙන් ලකුණු 74 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වූ පෝල් ස්ටර්ලින්ග් අද දිනයේ දී යළි පිතිකරණයේ නිරත වූ අතර, ඔහු සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 103 ක් වාර්තා කළේ හයේ පහර 4 ක් හා හතරේ පහර 9 ක් සමගින්.

කර්ටිස් කැම්පර් ලකුණු 111 යි. කැම්පර්ගේ ඉනිමට හයේ පහර 2ක් හා හතරේ පහර 15 ක් ඇතුළත් වුණා. ඊට අමතරව නායක ඇන්ඩි බැල්බර්නි ඊයේ දිනයේ දී ලකුණු 95 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ප්‍රභාත් ජයසූරිය කඩුලු 5 ක් දවා ගත්තේ ලකුණු 174 ක් ලබා දෙමින්. අසිත ප්‍රනාන්දු හා විශ්ව ප්‍රනාන්දු කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාව පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 411 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...