ශ්රී ලංකාව හා අයර්ලන්තය අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්රිකට් තරගය අද(24) ගාල්ල ක්රීඩාංගනයේ දී ආරම්භ වුණා.
තේ පානය සදහා තරගය නතර කරන විට කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙමින් සිටි අයර්ලන්තය කඩුලු 3 ක් දැවී ලකුණු 199 ක් ලබා සිටියා.
නොදැවී පන්දුවට පහර දෙමින් සිටින නායක ඇන්ඩි බල්බර්නි ලකුණු 90 ක් හා පෝල් ස්ටර්ලින්ග් ලකුණු 74 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.
ඔවුන් දෙදෙනා අතර මේ වන විට ගොඩ නැගී ඇති නොබිදුණු සම්බන්ධතාවය ලකුණු 110* (209) ක්. දිවා ආහාරයේ සිට තේ පානය දක්වා වූ කාලයේ දී අයර්ලන්තය කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 93 ක් රැස් කිරීමට සමත් වීම කැපී පෙනුණා.
ඉනිමේ පළමු කඩුල්ල ලෙස පීටර් මුවර් ලකුණු පහකට දවා ගැනීමට අසිත ප්රනාන්දු සමත් වුණා. ඒ, කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගනිමින්.
ජේම්ස් මැකලම් ලකුණු 10 කට දැවී ගියේ ප්රභාත් ජයසූරියගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්රීඩක සධීර සමරවික්රම අතට උඩ පන්දුවක් ලබා දෙමින්.
හැරී ටෙක්ටර් ලකුණු 18යි. ප්රභාත්ගේ පන්දුවක් හමුවේ ඔහු දැවී ගියේ දිනේෂ් චන්දිමාල් රැක ගත් විශිෂ්ඨ උඩ පන්දුවක් හමුවේයි.
— cric sl (@cricslvideo) April 24, 2023

