තෙන්ඩුල්කාර් හා ලාරා වෙනුවෙන් සිඩ්නි ක්‍රීඩාංගනයෙන් කළ උපහාරය

Date:

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ගේට්ටු දෙකක් සචින් තෙන්ඩුල්කාර්ගේ හා බ්‍රයන් ලාරාගේ නම්වලින් නම් කර තිබෙනවා.

අදට (24) යෙදී ඇති ඉන්දීය හිටපු සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර්ගේ 50 වැනි උපන් දිනය වෙනුවෙනුයි ඔහුගේ නමින් එක් ගේට්ටුවක් නම් කිරීම සිදු කර ඇත්තේ.

එමෙන්ම බටහිර ඉන්දීය කොදෙව් හිටපු සුපිරි පිතිකරු බ්‍රයන් ලාරා සිඩ්නි ක්‍රීඩාංගනයේ දී වාර්තා කළ ලකුණු 277 ට වසර 30 ක් සපිරීම නිමිත්තෙනුයි ඔහුගේ නම එක් ගේට්ටුවකට යොදා ඇත්තේ.

1993 වසරේ ජනවාරි මාසයේ දී යි ලාරා එම ලකුණු 277 වාර්තා කළේ.

සංචාරක ක්‍රීඩකයින් ක්‍රීඩාංගනයේ ක්‍රීඩාකලාපය තුළට ඇතුළු වීමට භාවිතා කරන ගේට්ටු මෙලෙස බ්‍රයන් ලාරා-සචින් තෙන්ඩුල්කාර් ගෙට්ටු ලෙස නම් කර ඇති බව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...