ගාල්ල ක්රීඩාංගනයේ දී අද(24) ආරම්භ වූ ශ්රී ලංකාව හා අයර්ලන්තය අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්රිකට් තරගයේ දී සුපිරි පන්දු රැකීමක නිරත වීමට ශ්රී ලංකා ක්රීඩක විශ්ව ප්රනාන්දු සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට අයර්ලන්තය තීරණය කළ අතර, ඉනිමේ 36 වැනි පන්දුවාරයේ පළමු පන්දුවටයි විශ්ව මෙම සුපිරි පන්දු රැකීම ප්රදර්ශනය කළේ.
අසිත ප්රනාන්දු යොමු කළ කෙටි පන්දුවකට පෝල් ස්ටර්ලින්ග් එල්ල කළ පහරකින් පසුව පන්දුව උඩ පන්දුවක් ලෙස fine leg කලාපයේ පන්දු රකිමින් සිටි විශ්ව ප්රනාන්දු දෙසට ඇදී ආ අතර, එහිදී විශ්ව විසින් සුපිරි උත්සාහයක නිරත වෙමින් එම පන්දුව හයේ සීමාව ඉක්මවා යාම වළක්වා ගැනීමට සමත් වුණා.
කෙසේ වෙතත්, උඩ පන්දුව සාර්ථක ලෙස රැක ගැනීමට මෙහිදී ඔහුට නොහැකි වූ නමුත්, ලකුණු 5 ක් ශ්රී ලංකාව වෙනුවෙන් ආරක්ෂා කර දීමට විශ්ව ප්රනාන්දු සමත් වුණා.
දර්ශන පහතින් නරඹන්න –
— cric sl (@cricslvideo) April 24, 2023

