වෝනර්ගේ 57 හා පන්දු යවන්නන්ගේ දක්ෂතා දිල්ලියට පළමු ජය හිමි කර දෙයි

Date:

ඩේවිඩ් වෝනර්ගේ අර්ධ ශතකය හා පන්දු යවන්නන්ගේ දක්ෂතා හමුවේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිය පළමු ජය වාර්තා කිරීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ, මෙවර තරගාවලියේ 28 වැනි තරගයෙන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පරදා කඩුලු 4 ක තියුණු ජයක් වාර්තා කිරීමත් සමගයි.

දිල්ලි හි පැවැති තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් තරගය ආරම්භ කෙරුණේ පැයක පමණ ප්‍රමාදයකින් පසුවයි.

කාසියේ වාසිය දිනූ කැපිටල්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නයිට් රයිඩර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 127 ක් පමණයි.

ජේසන් රෝයි ලකුණු 43 ක් ද, අන්ඩ්‍රි රසල් නොදැවී ලකුණු 38 ක් ද, මන්දීප් සිං ලකුණු 12 ක් ද රැස් කළ නමුත්, වෙනත් කිසිදු පිතිකරුවෙකු ලකුණු හයේ සීමාව අභිබවා යාමට සමත් වූයේ නැහැ.

පන්දු යැවීමේ දී ඉෂාන්ට් ෂර්මා, අන්රික් නොකියා, අක්සාර් පටෙල් හා කුල්දීප් යාදව් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ලකුණු 128 ක ඉලක්කයක් හඹා ගිය දිල්ලි කැපිටල්ස් පිල ඉනිම නිමා වීමට පන්දු 4 ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තේ කඩුලු 6 ක් දැවී සිටියදීයි.

ආරම්භක පිතිකරු හා නායක ඩේවිඩ් වෝනර් පන්දු 41 කින් ලකුණු 57 ක් රැස් කළා. මනීෂ් පාන්ඩේ ලකුණු 21 යි. පන්දු යැවීමේ දී වරුන් චක්‍රවර්තී, අනුකුල් රෝයි හා නිටිෂ් රානා කඩුලු 2 බැගින් බිද හෙලමින් දිල්ලි කණ්ඩායමට ප්‍රබල තර්ජනයක් එල්ල කළේ තරගය අවසන් පන්දුවාරය දක්වා රැගෙන යමින්. කෙසේ වෙතත්, අක්සාර් පටෙල් නොදැවී ලකුණු 19ක් ලබා ගනිමින් සිය කණ්ඩායමට තරගාවලියේ පළමු ජය හිමි කර දුන්නා.

මෙම තරගයට පෙර මෙවර තරග වාරයේ දී කැපිටල්ස් කණ්ඩායම ක්‍රීඩා කළ තරග පහම ඔවුන් පරාජයට පත්ව තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...