හිම කැට වර්ෂාවක් පාකිස්තාන – නවසීලන්ත 20යි 20 තරගය ගිල ගනියි

Date:

පාකිස්තානය හා නවසීලන්තය අතර පැවැති සිව්වැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය ප්‍රතිපලයකින් තොරව අද(20) රාත්‍රියේ නිමා වුණා.

ඒ, තරගය පැවැති රාවල්පින්ඩි ක්‍රීඩාංගනයට හා ඒ අවට ප්‍රදේශයට බලපෑ දැඩි හිම කැට වර්ෂාවක් හේතුවෙන්.

තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානය පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව සංචාරක නවසීලන්ත කණ්ඩායමට ලබා දුන්නා.

ඒ අනුව පිටියට පිවිසි නවසීලන්ත පිතිකරුවන් පන්දුවාර 18.5 ක් අවසානයේ දී කඩුලු 5 ක් දැවී ලකුණු 164 ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

මාර්ක් චැප්මන් පන්දු 42 කින් නොදැවී වේගවත් ලකුණු 71 ක් හා චැඩ් බොවුස් පන්දු 38කින් ලකුණු 54 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ඉමාඩ් වසීම් ලකුණු 19 කට කඩුලු 3 ක් දවා ගත්තා.

අනතුරුව තරගය යළි ආරම්භ කිරීමට හැකි වූයේ නැහැ. ඒ අනුව තරග 5කින් යුත් 20යි 20 තරගාවලිය මේ වන විට තරග 2-1 ක් ලෙස තවදුරටත් පෙරමුණ ගෙන සිටින්නේ පාකිස්තානයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...