ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට පෙර සිම්බාබ්වේ පිල පාකිස්තානය සමග ගැටෙයි

Date:

පාකිස්තාන කණ්ඩායම මැයි මාසයේ දී සිම්බාබ්වේ හි තරග සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.

මෙම සංචාරයේ දී දෙරට අතර එක්දින තරග 6 ක් පැවැත්වීමට නියමිත බවයි සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ද සිම්බාබ්වේ හී දී පැවැත්වෙන බැවින් මෙම තරගාවලිය ඊට පෙර සූදානමක් වශයෙක් සිම්බාබ්වේ කණ්ඩායමට අතිශය වැදගත් වනු ඇති.

පළමු එක්දින තරගය හරාරේ හි Takashinga ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගනයේ දී මැයි 17 වැනිදා පැවැත්වීමට නියමිත අතර, සෙසු එක්දින තරග 5 හරාරේ ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගනයේ දී පිළිවෙලින් මැයි 19, 21, 23, 25 හා 27 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි.

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ජූනි 18 වැනිදා සිට ජූලි 9 වැනිදා දක්වා හරාරේ හි හා බුලවායෝ හි ක්‍රීඩාංගන 4 කදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකාව ද ඇතුළුව රටවල් 10 ක් ක්‍රීඩා කරන ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ පළමු ස්ථාන දෙක දිනා ගන්නා කණ්ඩායම් දෙක පමණක් ලෝක කුසලානය සදහා සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...