Watch : බට්ලර්ගේ පිට ඉන්න ගැලවූ ෂාමිගේ පන්දුව

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 23 වැනි තරගය ඊයේ (16) රාත්‍රියේ නිමා වුණේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 3 ක ජයක් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට හිමි කර දෙමින්.

තරගය ජය ගැනීම සදහා ලකුණු 178 ක ඉලක්කයක් හඹා ගිය රාජස්ථාන් කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 4 ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තේ කඩුලු 7 ක් දැවී සිටියදීයි.

ඉනිමේ පළමු කඩුලු 2 ලකුණු 4 ක් තුළ බිද වැටුණා. යශස්වි ජයිස්වාල් එක් ලකුණකට දැවී ගිය අතර, ජොස් බට්ලර් ලකුණු ලබා ගැනීමට පෙර දැවී ගියා.

බට්ලර් fine leg කලාපයට scoop පහරක් එල්ල කිරීමට යාමේ දී දැවී ගියේ මොහමඩ් ෂාමි යොමු කළ පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්. (දර්ශන පහතින්)

පළමු කඩුලු දෙක ඉක්මණින් දැවී ගිය පසුබිමක රාජස්ථාන් නායක සංජු සැම්සන් නායකත්වයේ ඉනිමක් දියත් කරමින් පන්දු 32 කින් වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 60 ක්. ශිම්රන් හෙට්මයර් පන්දු 26 කින් නොදැවී ලකුණු 56 ක් රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.

Match Report : හෙට්මයර්ගේ හා සැම්සන්ගේ සුපිරි ප්‍රහාරය රාජස්ථාන් පිලට පෙරළිකාර ජයක් හිමි කර දෙයි

අහ්මදාබාද් හී දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ රාජස්ථාන් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 177 ක් රැස් කළේ කඩුලු 7ක් දැවී සිටියදීයි. ඩේවිඩ් මිලර් පන්දු 30 කින් ලකුණු 46 ක් හා ෂුබ්මන් ගිල් පන්දු 34 කින් ලකුණු 45 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී සන්දීප් ෂර්මා ලකුණු 25 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...