ඉන්දියාවෙන් ත්‍යාග මුදල් ප්‍රමාණය ඉහළට

Date:

ඉන්දියාවේ පැවැත්වෙන දේශිය ක්‍රිකට් තරගාවලි සදහා පිරිනැමෙන ත්‍යාග මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ඉදිරි තරග වාරයේ දී Ranji කුසලානය දිනා ගන්නා කණ්ඩායමට ඉන්දීය රුපියල් කෝටි 5 ක ත්‍යාග මුදලක් පිරිනැමීමටයි තීරණය කර ඇත්තේ.

මේ වන විට Ranji කුසලානය දිනා ගන්නා කණ්ඩායමට හිමිවූ ත්‍යාග මුදල රුපියල් කෝටි 2ක්.

තරගාවලියේ අනුශූරතාවය දිනා ගන්නා කණ්ඩායමට කෝටි 3 ක මුදලක් ද, අවසන් පූර්ව තරගවලින් පරාජයට පත්වන කණ්ඩායම් දෙකට කෝටියක මුදලක් බැගින් ද පිරිනැමීමට නියමිතයි.

Irani කුසලානය සදහා පිරිනමන ත්‍යාග මුදල ද දෙගුණයකින් ඉහළ නංවා ඇති අතර, ඒ අනුව ශූරතාවය ජය ගන්නා කණ්ඩායමට ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක ත්‍යාග මුදලක් (රුපියල් ලක්ෂ 25 වෙනුවට) හිමි වීමට නියමිතව තිබෙනවා.

අනුශූරතාවය දිනා ගන්නා කණ්ඩායමට මේ වන විට කිසිදු ත්‍යාග මුදලක් හිමි නොවුන ද, ඉදිරියේ දී ඔවුන්ට රුපියල් ලක්ෂ 25 ක මුදලක් ලබා දීමට නියමිත බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කළේ.

මේ අතර, Duleep කුසලානය ජය ගන්නා කණ්ඩායමට ඉන්දීය රුපියල් කෝටියක මුදලක් හා අනුශූරතාවය දිනා ගන්නා කණ්ඩායමට ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක ත්‍යාග මුදලක් ඉදිරියේ දී හිමි වනවා.

එමෙන්ම Vijay Hazare කුසලානය ජය ගන්නා කණ්ඩායමට ඉදිරියේ දී හිමි වීමට නියමිත ත්‍යාග මුදල රුපියල් කෝටියක්. දෙවැනි ස්ථානය දිනා ගන්නා කණ්ඩායමට ලක්ෂ 50 මුදලක් හිමි වනු ඇති.

Deodhar ශූරතාවය ජය ගන්නා කණ්ඩායමට ඉන්දීය රුපියල් ලක්ෂ 40 ක් ද, අවසන් තරගය පරාජයට පත් වන කණ්ඩායමට රුපියල් ලක්ෂ 20 ක් ද හිමි වීමට නියමිත අතර, Syed Mushtaq Ali කුසලානය ජය ගන්නා කණ්ඩායමට රුපියල් ලක්ෂ 80 ක් හා අනුශූරයින්ට ලක්ෂ 40 ක මුදලක් ප්‍රදානය කිරීමට තීරණය කර තිබෙනවා.

මේ අතර, කාන්තා තරගාවලි සදහා ලබා දෙන ත්‍යාග මුදල් ද ඉහළ නැංවීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ජ්‍යෙෂ්ට කාන්තා එක්දින කුසලානය ජය ගන්නා කණ්ඩායම සදහා ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක මුදලක් හා අනුශූරයින්ට ලක්ෂ 25 ක මුදලක් පිරිනැමීමට තීරණය කර ඇති බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය කියා සිටියා.

ජ්‍යෙෂ්ට කාන්තා 20යි 20 ශුරතාවය දිනා ගන්නා කණ්ඩායමට රුපියල් ලක්ෂ 40 ක් පිරිනැමීමට නියමිතයි. එය මේ වන විට හිමි වන මුදල මෙන් 8 ගුණයක්. අනුශූරයින්ට රුපියල් ලක්ෂ 20 ක් හිමි වීමට නියමිතයි.

2023/24 ඉන්දීය දේශීය ක්‍රිකට් තරග වාරය ජූනි 28 වැනිදා ආරම්භ වන්නේ Duleep කුසලානයත් සමගයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...