චන්දිමාල් – සධීර වාර්තා කළ අර්ධ ශතක හමුවේ ශ්‍රී ලංකාව 500 පසු කරයි

Date:

ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි (17).

දිවා ආහාරය සදහා තරගය නතර කරන විට කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 503 ක්.

නොදැවී පන්දුවට පහර දෙන දිනේෂ් චන්දිමාල් ලකුණු 66 ක් හා සධීර සමරවික්‍රම ලකුණු 52 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. 2017 වසරෙන් පසුව ටෙස්ට් තරගයක් ක්‍රීඩා කරන සධීර අද වාර්තා කළේ සිය පළමු ටෙස්ට් අර්ධ ශතකයයි. ඔවුන් දෙදෙනා අතර මේ වන විට ලකුණු 95 ක නොබිදුණු සම්බන්ධතාවයක් ගොඩ නැගී තිබෙනවා.

දිනය ආරම්භ කරන විට ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම සදහා කඩුලු 4 ක් දැවී ලකුණු 386 ක් ලබා සිටියා. දිනය ආරම්භයේ සිට දිවා ආහාරය දක්වා වූ කාලයේ දී ශ්‍රී ලංකාව පන්දුවාර 28 කදී කඩුලු 2 ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 117 ක්.

දිනයේ පළමු කඩුල්ල ලෙස ප්‍රභාත් ජයසූරිය ලකුණු 16 කට දැවී ගියා. ඒ, කර්ටිස් කැම්පර්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වෙමින්. එය නොදැවී යාමක් බව පුනරූපනවලින් දක්නට ලැබුණ ද ප්‍රභාත් විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය යොදා නොගැනීම හේතුවෙන් ඔහුට පිටියෙන් ඉවත් වීමට සිදු වුණා.

ධනංජය ද සිල්වා රැස් කළේ ලකුණු 13 ක් පමණයි. ඔහු Andy McBrine ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වී දැවී ගියා.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් දිමුත් කරුණාරත්න ලකුණු 179 ක් හා කුසල් මෙන්ඩිස් ලකුණු 140 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී කර්ටිස් කැම්පර් කඩුලු 2 ක් දවා ගෙන ඇත්තේ ලකුණු 70 ක් ලබා දෙමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...