හෙට්මයර්ගේ හා සැම්සන්ගේ සුපිරි ප්‍රහාරය රාජස්ථාන් පිලට පෙරළිකාර ජයක් හිමි කර දෙයි

Date:

සංජු සැම්සන් පන්දු 32 කින් වාර්තා කළ ලකුණු 60 හා ශිම්රන් හෙට්මයර් පන්දු 26 කින් නොදැවී රැස් කළ ලකුණු 56 හේතුවෙන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 23 වැනි තරගයෙන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පරදා කඩුලු 3 ක ජයක් වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අද(16) සමත් වුණා.

තරගය ජය ගැනීම සදහා ලකුණු 178 ක ඉලක්කයක් හඹා ගිය රාජස්ථාන් කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 4 ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තේ කඩුලු 7 ක් දැවී සිටියදීයි.

ඉනිමේ පළමු කඩුලු 2 ලකුණු 4 ක් තුළ බිද වැටුණු පසුබිමකයි සංජු සැම්සන් නායකත්වයේ ඉනිමක් දියත් කරනු ලැබුවේ.

රාජස්ථාන් ඉනිමේ පන්දුවාර 12 ක් අවසන් වන විට ඔවුන් කඩුලු 4 ක් දැවී රැස් කර ගෙන සිටියේ ලකුණු 66 ක් පමණයි. ඒ අනුව අවසන් පන්දු 48 දී ලකුණු 112 ක් තරගය ජය ගැනීමට රාජස්ථානයට අවශ්‍ය වූ අතර, අවශ්‍ය වූ ලකුණු ලබා ගැනීමේ වේගය වූයේ පන්දුවාරයකට 14 ක්. කෙසේ වෙතත්, අනතුරුව ප්‍රහාරාත්මක ඉනිම් දියත් කරමින් සැම්සන් හා හෙට්මයර් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට සුපිරි ජයක් හිමි කර දුන්නා.

පන්දු යැවීමේ දී මොහමඩ් ෂාමි ලකුණු 25 කට කඩුලු  3 ක් දවා ගත්තා. රෂිඩ් ඛාන් කඩුලු 2 ක් බිද හෙලුවේ ලකුණු 46 ක් ලබා දෙමින්.

අහ්මදාබාද් හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ රාජස්ථාන් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 177 ක් රැස් කළේ කඩුලු 7ක් දැවී සිටියදීයි.

ඩේවිඩ් මිලර් පන්දු 30 කින් ලකුණු 46 ක් හා ෂුබ්මන් ගිල් පන්දු 34 කින් ලකුණු 45 ක් ලබා ගත්තා. නායක හර්ඩික් පාන්ඩ්යා ලකුණු 28යි.

පන්දු යැවීමේ දී සන්දීප් ෂර්මා ලකුණු 25 කට කඩුලු 2 ක් දවා ගත් අතර, ට්‍රෙන්ට් බෝල්ට්, ඇඩම් සම්පා හා යුස්වේන්ද්‍ර චෙහල් කඩුල්ල බැගින් දවා ගත්තා.

මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට හිමිව ඇත්තේ ප්‍රසාද ලකුණු 8කට හිමිකම් කියමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...