Watch : තිදෙනෙකු පොර කෑ උඩ පන්දුව සිව්වැන්නාගේ අතට ගිය හැටි

Date:

ක්‍රිකට් තරගයකදී කලාතුරකින් දැකගන්නට ලැබෙන දුර්ලභ උඩ පන්දු රැක ගැනීමක් දැකබලා ගැනීමේ අවස්ථාව මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද(16) රාත්‍රියේ අහ්මදාබාද් හී දී ආරම්භ වූ තරගාවලියේ 23 වැනි තරගයේ දී ප්‍රේක්ෂකයින්ට උදා වුණා.

මෙම තරගය ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම හා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර ආරම්භ වූ අතර, තරගයේ කාසියේ වාසිය දිනූ රාජස්ථාන් පිල පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ගුජරාට් කණ්ඩායමට ලබා දුන්නා.

ඉනිමේ පළමු කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 5 ක්. පළමු පන්දුවාරයේ තෙවැනි පන්දුවේ දී ව්රිධිමන් සහා ලකුණු 4 කට දැවී යාමත් සමගයි එම සම්බන්ධතාවය බිද වැටුණේ.

ට්‍රෙන්ට් බෝල්ට්ගේ පන්දුවක් හමුවේ ඔහු විසින්ම රැකගත් උඩ පන්දුවක් හේතුවෙන් ව්රිධිමන් සහා දැවී ගියා.

එම උඩ පන්දුව රැක ගැනීමට සංජු සැම්සන්, ශිම්රන් හෙට්මයර් හා Dhruv Jurel යන ක්‍රීඩකයින් තිදෙනාම දිව ආ අතර, ඔවුන් තිදෙනාම උඩ පන්දුව රැක ගැනීමට යාමේ දී එකිනෙකා ගැටුණා.

ඒ හේතුවෙන් උඩ පන්දුව රැක ගැනීමට එම ක්‍රීඩකයින් තිදෙනාටම නොහැකි වූ නමුත්, ඔවුන්ට තරමක් දුරින් රැදී සිටි ට්‍රෙන්ට් බෝල්ට් විසින් එම උඩ පන්දුව රැක ගනු ලැබුවේ සැම්සන්ගේ අත් ආවරණවල වැදී පන්දුව විසි වී යාමත් සමගයි.

එහි දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...