අයියර්ගේ ශතකය අපතේ යයි ; තෙන්ඩුල්කාර්ගේ මංගල තරගයේ ජය මුම්බායි පිලට

Date:

වෙන්කටේෂ් අයියර්ගේ ශතකය අපතේ යවමින් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 22 වැනි තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හමුවේ කඩුලු 5 ක පරාජයක් අත්විදීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට අද(16) සිදු වුණා.

මුම්බායි හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි ඉන්දියන්ස් පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 185 ක් ලබා ගත්තා.

තරගය ජය ගැනීම සදහා ලකුණු 186 ක ඉලක්කයක් හඹා ගිය මුම්බායි කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 14 ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 5 ක් දැවී සිටියදීයි.

ඉෂාන් කිෂන් පන්දු 25 කින් වේගවත් ලකුණු 58 ක් වාර්තා කළ අතර, පසුගිය තරගවලදී ලකුණු අතර රැදී නොසිටි සූර්යකුමාර් යාදව් මෙම ඉනිමේ දී පන්දු 25 කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 43 ක්. තිලක් වර්මා ලකුණු 30 ක් හා ටිම් ඩේවිඩ් නොදැවී ලකුණු 24 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී සුයාෂ් ෂර්මා ලකුණු 27 කට කඩුලු 2 ක් දවා ගත්තා.

පළමුව පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායම වෙනුවෙන් සුපිරි ශතකයක් වාර්තා කළ වෙන්කටේෂ් අයියර් පන්දු 51 කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 104 ක්. හයේ පහර 9කින් හා හතරේ පහර 6 කින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණා.

පන්දු යැවීමේ දී හ්රිතික් ශොකීන් ලකුණු 34 කට කඩුලු 2ක් බිද හෙලුවා. මෙම තරගයේ දී අයි.පී.එල් වරම් දිනා ගත් හිටපු සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර්ගේ පුත් අර්ජුන් තෙන්ඩුල්කාර් පන්දුවාර 2ක් යොමු කර ලකුණු 17 ක් ප්‍රතිවාදීන්ට ලබා දුන් නමුත් කිසිදු කඩුල්ලක් දවා ගැනීමට ඔහුට හැකි වූයේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...