දිමුත් – මෙන්ඩිස් වාර්තා කළ ශතක පළමු දිනයේ සියලු ගෞරව ශ්‍රී ලංකාවට හිමි කර දෙයි

Date:

නායක දිමුත් කරුණාරත්න හා කුසල් මෙන්ඩිස් වාර්තා කළ ශතක හමුවේ සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ පළමු දිනයේ සියලු ගෞරව හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(16) සමත් වුණා.

ගාල්ලේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ. ඒ අනුව දිනය නිමා වන විට ශ්‍රී ලංකා පළමු ඉනිම සටහන්ව තිබුණේ කඩුලු 4 ක් දැවී ලකුණු 386 ක් ලෙසයි.

ඉනිමේ ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 64 කට සීමා කරමින් නිශාන් මදුෂ්ක ලකුණු 29 කට දැවී ගියා. නමුත්, අනතුරුව දෙවැනි කඩුල්ල සදහා ලකුණු 281 (356) ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට දිමුත් කරුණාරත්න සමගින් පිටියේ එක් වූ කුසල් මෙන්ඩිස් සමත් වුණා.

සිය 8 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළ කුසල් මෙන්ඩිස් ලකුණු 140 කට දැවී ගියා. George Dockrell ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වී මෙන්ඩිස් දැවී යන විට පන්දු 193 කින් වාර්තා වී තිබූ ඔහුගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 18 ක් ඇතුළත් වී තිබුණා.

නායක දිමුත් අද වාර්තා කළේ සිය 15 වැනි ටෙස්ට් ශතකයයි. පන්දු 235 කින් ඔහු ලකුණු 179 ක් වාර්තා කළේ හතරේ පහර 15 ක් සමගින්.

ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු රැස් කිරීමට පෙර දැවී ගියා. දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 18 ක් හා රාත්‍රී මුරකරු පිතිකරු ලෙස පිටියට පිවිසි ප්‍රභාත් ජයසූරිය නොදැවී ලකුණු 12 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී Mark Adair, Curtis Campher, Ben White හා George Dockrell කඩුල්ල බැගින් බිද හෙලුවා.

දිනය ආරම්භයේ සිට දිවා ආහාරය දක්වා වූ කාලයේ දී ශ්‍රී ලංකාව පන්දුවාර 28 කදී එක් කඩුල්ලක් දැවී ලකුණු 119 ක් ලබා ගත් අතර, එතැන් සිට තේ පානය දක්වා වූ කාලයේ දී ශ්‍රී ලංකාව කිසිදු කඩුල්ලක් නොදැවී පන්දුවාර 28 කදී ලකුණු 126 ක් ලබා ගත්තා. තේ පානයේ සිට දිනය නිමා කරන අවස්ථාව දක්වා වූ කාලයේ දී පන්දුවාර 32 කදී කඩුලු 3 ක් දැවී වාර්තා වූ ලකුණු සංඛ්‍යාව 141 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...