කැන්ඩි නයිට් රයිඩර්ස් ලංකා ප්‍රිමියර් ලීගයට ?

Date:

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායමක් මිලදී ගන්නා ලෙසට සුපිරි බොලිවුඩ් නලු ෂාරුක් ඛාන්ට ද ආරාධනා කර ඇති බව අප ඊයේ(4) තොරතුරු වාර්තා කළා.

ශාරුක් ඛාන් මේ වන විටත් අයි.පී.එල් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් සහ කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් යන කණ්ඩායම්වල හිමිකාරීත්වය දරනවා.

ඒ අනුව ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ කණ්ඩායමක් ඔහු මිලදී ගතහොත් එහි නම කුමන ආකාරයක් ගනීවිදැයි මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුව තිබෙනවා.

ඊට හේතුව ඔහු මිලදී ගන්නා කණ්ඩායම්වල නාමය අගට නයිට් රයිඩර්ස් යන නාමය යෙදීමට පියවර ගැනීම හේතුවෙන්.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්වන ගාලු කණ්ඩායමේ නම ද එහි හිමිකරුවන්ට අභිමත පරිදි ගාලු ග්ලැඩියේටර්ස් (Galle Gladiators) ලෙස වෙනස් කරනු ලැබුවා.

ඒ අනුව සමාජ මාධ්‍ය ඔසසේ ද මේ වන විට විශාල කතාබහක් මේ සම්බන්ධයෙන්‍ යොමුව තිබෙනවා.

බොහෝ දෙනෙකු සමාජ මාධ්‍ය තුළ අදහස් දක්වමින් සදහන් කර තිබුණේ ෂාරුක් ඛාන් විසින් එල්.පී.එල් තරගාවලියේ කණ්ඩායමක් මිලදී ගතහොත් එය මහනුවර කණ්ඩායම විය හැකි බවට අනුමාන කළ හැකි බවයි.

එසේ වුවහොත් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම KKR නමින් හදුන්වන පරිදි මහනුවර කණ්ඩායම ද කැන්ඩි නයිට් රයිඩර්ස් හෙවත් KKR යන නමින් හදුන්වනු ඇති.

ඉදිරි දින කිහිපයේ දී කණ්ඩායම්වල හිමිකරුවන් ප්‍රකාශයට පත් කරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කර ඇත්තේ.

මෙවර පළමු වරට සංවිධාන කරන එල්.පී.එල් තරගාවලිය නොවැම්බර් මස 14 වැනිදා සිට දෙසැම්බර් 06 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...