ශ්‍රී ලංකා පිලේ දකුණු අප්‍රිකා සංචාරයත් කල් යන ලකුණු

Date:

ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන දකුණු අප්‍රිකා තරග සංචාරය ද කල් යනු ඇති බව වාර්තා වනවා.

ඒ, දකුණු අප්‍රිකාවට ද බලපා ඇති කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන්.

දෙසැම්බර් මාසයේ දී මෙම තරග සංචාරය යෙදී ඇති අතර, එහිදී දෙරට අතර ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමට නියමිතයි.

දෙසැම්බර් 12 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

පළමු තරගය දෙසැම්බර් 18 වනදා ආරම්භ කිරීමටයි සැලසුම් කර තිබුණේ.

කෙසේ වෙතත්, කොරෝනා වසංගතය හේතුවෙන් එම තරගාවලිය කල් යාමේ අවධානමක් පවතින අතර, එසේ වුවහොත් T 10 ක්‍රිකට් තරගාවලියක් එම කාලයේ දී මෙරට දී පැවැත්වීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය මේ වන විට යොමුව ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...