ඉයන් බෙල් ක්‍රිකට් පිටියට සමු දෙයි

Date:

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පිතිකරුවෙකු වූ ඉයන් බෙල් ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබෙනවා.

මෙවර එංගලන්ත ප්‍රාන්ත තරග වාරයෙන් පසුව තමා ක්‍රිකට් පිටියෙන් ඉවත් වන බවයි ඔහු සදහන් කර ඇත්තේ.

38 හැවිරිදි ඔහු එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 118කට ක්‍රීඩා කර තිබූ අතර, එහිදී වාර්තා කළ ශතක සංඛ්‍යාව 22ක්.

ඔහුට වඩා ටෙස්ට් ශතක වාර්තා කර ඇති එංගලන්ත ක්‍රීඩකයින් වන්නේ ඇලෙස්ටයාර් කුක් සහ කෙවින් පීටර්සන් පමණයි.

ටෙස්ට් ලකුණු 7,727 රැස් කර ඇති ඉයන් බෙල්ගේ ඉනිමක සාමාන්‍ය 43ක් ලෙසයි සටහන් වන්නේ.

ඔහු එංගලන්තය වෙනුවෙන් එක්දින තරග 161කට සහ 20යි 20 තරග 8කට ද ක්‍රීඩා කළා.

ඉදිරියේ දී පුහුණුකරුවෙකු ලෙස කටයුතු කිරීමට තමා අපේක්ෂා කරන බව ද ඉයන් බෙල් සදහන් කර තිබෙනවා.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...