අයර්ලන්ත කණ්ඩායම දිවයිනට පැමිණෙයි

Date:

ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කරමින් අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම අද (9) දිවයිනට පැමිණියා.

තරග සංචාරය යටතේ ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමට නියමිතව ඇති අතර, ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර ටෙස්ට් තරගයක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය බවට ඉතිහාසගත වනවා.

මෙම සංචාරය යටතේ එක් ටෙස්ට් තරගයක් හා එක්දින තරග 2ක් පැවැත්වීමට පළමුව නියමිතව තිබුණා.

කෙසේ වෙතත්, පසුව දෙරටේ ක්‍රිකට් ආයතන අතර පැවැති සාකච්ඡාවලින් අනතුරුව එක්දින තරග දෙක ඉවත් කිරීමට තීරණය කෙරුණු අතර, එක් ටෙස්ට් තරගයක් වෙනුවට ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමටයි තීරණය කළේ.

පළමු ටෙස්ට් තරගය අප්‍රේල් 16 වැනිදා ආරම්භ වීමට නියමිත අතර, දෙවැනි ටෙස්ට් තරගය ආරම්භ වන්නේ අප්‍රේල් 24 වැනිදායි.

තරගාවලියේ තරග දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...