තීරණාත්මක එක්දින තරගාවලියට බංග්ලාදේශ සංචිතය නම් කෙරේ

Date:

මැයි 9 වැනිදා එංගලන්තයේ Chelmsford හී දී අයර්ලන්තයට එරෙහිව ආරම්භ වන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන බංග්ලාදේශ සංචිතය අද(9) නිවේදනය කෙරුණා.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයට මෙතෙක් එක්දින වරම් දිනා නොමැති වේග පන්දු යවන ක්‍රීඩක Mrittunjoy Chowdhury ඇතුළත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

Chattogram Challengers කණ්ඩායම නියෝජනය කරමින් ඔහු නිමා වූ බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී සැලකිය යුතු දක්ෂතා දැක්වීමට සමත් වුණා.

ආබාධයකට ලක්වීම හේතුවෙන් අයර්ලන්තයට එරෙහිව නිමා වූ ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමට නොහැකි වූ ටස්කින් අහ්මඩ්ට මෙම තරග සංචාරය ද අහිමි වී තිබෙනවා.

ඉන්දිය ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්ව සිටින ලිටොන් දාස් හා මුස්ටර්ෆිසුර් රහ්මාන් ද අයර්ලන්ත තරග සංචාරය වෙනුවෙන් එක්වීමට නියමිතයි.

චන්දික හතුරුසිංහ මහතා ඇතුළු විදෙස් පුහුණුකරුවන් මේ වන විට ඩකා නුවරින් පිටත්ව ගොස් ඇති බවත්, ඔවුන් යළි අප්‍රේල් 23 වැනිදා බංග්ලාදේශයට පැමිණීමට නියමිතව ඇති බවත් සදහන්.

මෙම එක්දින තරගාවලිය අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයට අයත් වන අතර, බංග්ලාදේශයට එරෙහි එක්දින තරගාවලිය තරග 3-0 ක් ලෙස ජය ගතහොත් අයර්ලන්තයට 2023 ලෝක කුසලාන තරගාවලිය සදහා සෘජුව සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව හිමි වනවා.

එසේ නොවුණහොත් සිම්බාබ්වේ හී දී පැවැත්වීමට නියමිත සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සදහා අයර්ලන්තයට ක්‍රීඩා කිරීමට සිදු වනවා.

කෙසේ වෙතත්, බංග්ලාදේශය මේ වන විටත් ලෝක කුසලාන තරගාවලිය සදහා සෘජුව සුදුසුකම් ලබා අවසන්.

BAN SQUAD:

Tamim Iqbal (c), Litton Kumar Das, Rony Talukdar, Najmul Hossain Shanto, Towhid Hridoy, Shakib Al Hasan, Mushfiqur Rahim, Yasir Ali Chowdhury, Mehidy Hasan Miraz, Taijul Islam, Ebadot Hossain Chowdhury, Shoriful Islam, Mustafizur Rahman, Hasan Mahmud, Mohammad Mrittunjoy Chowdhury

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...