ධවාන්ගේ 99* අප‍තේ යවමින් ත්‍රිපාතිගේ 74* සන්රයිසස් පිලට පළමු ජය ගෙනෙයි

Date:

නායක ශිකර් ධවාන්ගේ හුදෙකලා ඉනිම අපතේ යවමින් රාහුල් ත්‍රිපාති නොදැවී වාර්තා කළ ලකුණු 74 හේතුවෙන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 14 වැනි තරගයෙන් පංජාබ් කිංග්ස් කණ්ඩායම පරදා කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම අද(9) සමත් වුණා.

හයිදරාබාද් හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ සන්රයිසස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් පංජාබ් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9 ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 143 ක් පමණයි.

පසුගිය තරගයේ දී ආබාධයකට ලක් වූ භානුක රාජපක්ෂ මෙම තරගය සදහා ක්‍රීඩා කළේ නැහැ. පංජාබ් ඉනිමේ දෙවැනි වැඩිම ලකුණුලාභියා වූ සෑම් කරන් ලකුණු 22(15) ක් ලබා ගත් අතර, ශිකර් ධවාන් හැරුණු විට වෙනත් කිසිදු පිතිකරුවෙකු ලකුණු 10 සීමාව පසු කළේ නැහැ.

ආරම්භක පිතිකරු ධවාන් පන්දු 66 කින් නොදැවී ලකුණු 99 ක් රැස් කළා. හයේ පහර 5කින් හා හතරේ පහර 12 කින් ඔහුගේ හුදෙකලා සටන අලංකාර වුණා.

පන්දු යැවීමේ දී මයාන්ක් මාකන්ඩේ ලකුණු 15 කට කඩුලු 4 ක් දවා ගත්තා. මාර්කෝ ජන්සෙන් හා උම්රාන් මලික් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 17ක් ඉතිරිව තිබියදී කඩුලු 2 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

රාහුල් ත්‍රිපාති නොදැවී ලකුණු 74 ක් රැස් කළේ පන්දු 48 කින් හයේ පහර 3 ක් හා හතරේ පහර 10 ක් සමගින්. නායක ඒඩ්න් මාක්‍රම් නොදැවී ලකුණු 37 (21) යි. ඔවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ලට ලකුණු 100* (52) ක සම්බන්ධතාවයක් ගොඩ නැගුණා.

සන්රයිසස් කණ්ඩායම මෙවර තරගාවලියේ දී ලැබූ පළමු ජය මෙය වන අතර, පංජාබ් කණ්ඩායම මෙවර තරග වාරයේ දී ලැබූ පළමු පරාජය මෙයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...