මුම්බායි තරගය අහිමි වූ චෙන්නායි ප්‍රබලයින් තිදෙනාගේ අලුත්ම තත්ත්වය මෙන්න

Date:

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක දීපක් චහාර්ට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත තරග රැසක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග ඊයේ (8) පැවැති තරගයේ දී සිදු වූ පාදයක ආබාධය හේතුවෙන්.

ඔහු යොමු කළ පළමු පන්දුවාරයේ 5 වැනි පන්දුවේ දී යි චහාර් එම ආබාධයට මුහුණ දුන්නේ. කෙසේ වෙතත්, ඔහු එම පන්දුවාරයේ අවසන් පන්දුව යොමු කිරීමට කටයුතු කළ නමුත්, පසුව පිටියෙන් ඉවත් වීමට කටයුතු කළා.

ඉන්දීය රුපියල් කෝටි 14 ක මුදලකට චෙන්නායි කණ්ඩායම සමග ගිවිසුම්ගත වූ චහාර්ට 2022 අයි.පී.එල් තරගාවලිය ද පිට කොන්දේ ආබාධයක් හේතුවෙන් ක්‍රීඩා කිරීමට හැකි වූයේ නැහැ.

මේ අතර, පාදයක ආබාධයක් හේතුවෙන් ඊයේ තරගයට ක්‍රීඩා නොකළ චෙන්නායි කණ්ඩායම නියෝජනය කරන එංගලන්ත ටෙස්ට් නායක බෙන් ස්ටොක්ස්ට ද සතියක පමණ කාලයක් අයි.පී.එල් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වනු ඇති.

කෙසේ වෙතත්, ආහාර විෂ වීමක් හේතුවෙන් අසනීප වීම නිසා ඊයේ තරගය ක්‍රීඩා නොකළ චෙන්නායි සුපර් කිංග්ස් ක්‍රීඩක මොයීන් අලීට මීළග තරගය ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...