රහානේගේ සුපිරි ප්‍රහාරය හා ජඩේජාගේ දක්ෂතා හමුවේ සුපර් කිංග්ස් පිලට කඩුලු 7ක ජයක්

Date:

අජින්කෙයා රහානේ පන්දු 27 කින් ලබා ගත් ලකුණු 61 හා රවීන්ද්‍ර ජඩේජා ලකුණු 20 කට දවා ගත් කඩුලු 3 හේතුවෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග පැවැති මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 12 වැනි තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අද(8) සමත් වුණා.

මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ චෙන්නායි පිලේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 157 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සුපර් කිංග්ස් කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 11 ක් ඉතිරිව තිබියදී කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා.

රහානේගේ සුපිරි ඉනිම හයේ පහර 3 කින් හා හතරේ පහර 7කින් වර්ණවත් වුණා. රුටුරාජ් ගයික්වඩ් නොදැවී ලකුණු 40යි.

පන්දු යැවීමේ දී ජේසන් බෙහ්රෙන්ඩොෆ්,  පියුෂ් චවුලා හා කුමාර් කාර්තිකෙයා (Kumar Kartikeya) කඩුල්ල බැගින් බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් ඉෂාන් කිෂන් ලකුණු 32ක්, ටිම් ඩේවිඩ් ලකුණු 31 ක් හා තිලක් වර්මා ලකුණු 22 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ජඩේජා දවා ගත් කඩුලු තුනට අමතරව තුෂාර් දේශ්පන්ඩේ හා මිචෙල් සැන්ට්නර් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...