Watch : රෂීඩ් ඛාන්ගෙන් IPL පිටියේ දී කඩුලු ත්‍රිත්වයක්

Date:

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද(9) පැවැති පළමු තරගයේ දී කඩුලු ත්‍රිත්වයක් (Hat-trick) දවා ගැනීමට සමත් වුණා.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව පැවැති මෙම තරගය මෙවර තරගාවලියේ 13 වැනි තරගය වන අතර, තරගය පැවැත්වුණේ අහ්මදාබාද් හී දී යි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ගුජරාට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 204 ක් ලබා ගත්තා.

කොල්කටා කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී යි වැඩබලන නායක රෂිඩ් ඛාන් කඩුලු ත්‍රිත්වයක් දවා ගත්තේ.

ඉනිමේ 17 වැනි පන්දුවාරයේ පළමු පන්දු තුනේ දී ඔහු මෙම දක්ෂතාවය දක්වනු ලැබුවා.

ඔහුගේ පන්දු හමුවේ පිළිවෙලින් දැවී ගියේ අන්ඩ්‍රි රසල්, සුනිල් නරේන් හා ශර්දුල් තාකූර් යන පිතිකරුවන්.

දැවී යන විට රසල් එක් ලකුණක් ලබා සිටි අතර, අනෙක් පිතිකරුවන් දෙදෙනාටම ලකුණු රැස් කිරීමට හැකි වූයේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...