මතීෂ හා තීක්ෂණ IPL යන දවස

Date:

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ හා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ එළඹෙන 10 වැනිදා චෙන්නායි සංචිතය සමග එක්වීමට නියමිතව තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය අද(8) දිනයේ දී අවසන් වීමත් සමගයි.

ඒ අනුව ලබන 12 වැනිදා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරගය සදහා වන තේරීම් වෙනුවෙන් ඔවුන් දෙදෙනා සලකා බැලීමට චෙන්නායි කණ්ඩායමට හැකි වනු ඇති.

මෙවර අයි.පී.එල් තරගාවලිය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 5 දෙනෙකු ක්‍රීඩා කරනවා. ඒ අතරින් භානුක රාජපක්ෂ පමණයි පංජාබ් කිංග්ස් සංචිතය සමග පළමු තරගයේ සිට එක්ව සිටියේ.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ වනිදු හසරංග ද එළඹෙන 10 වැනිදා බැංගලෝර් සංචිතය සමග එක්වීමට නියමිතව තිබෙනවා.

ඇතැම් විට එදින පැවැත්වීමට නියමිත ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහි තරගය සදහා ද හසරංගට ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති බවට විශ්වාස කෙරෙනවා.

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිත ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක දසුන් ශානක ද ඉදිරි දිනකදී එම කණ්ඩායම සමග එක්වනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...