රහීම්ගේ දක්ෂතා බංග්ලාදේශයට කඩුලු 7ක ජයක් හිමි කර දෙයි

Date:

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමග පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 7කින් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම අද(7) සමත් වුණා.

තරගය ජය ගැනීම සදහා දෙවැනි ඉනිමේ දී හිමි වූ ලකුණු 138 ක ඉලක්කය ඔවුන් කඩුලු 3 ක් දැවී සපුරා ගත් අතර, පළමු ඉනිමේ දී ශතකයක් හා දෙවැනි ඉනිමේ දී අර්ධ ශතකයක් වාර්තා කළ මුෂ්ෆිකර් රහීම් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා.

රහීම් දෙවැනි ඉනිමේ දී නොදැවී ලකුණු 51 ක් ලබා ගත්තේ පන්දු 48 කින්. තමිම් ඉක්බාල් ලකුණු 31 යි.

ඩකා හි මීර්පූර් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ සිව්වැනි දිනය වූ අද දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි අයර්ලන්තය කඩුලු 8ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 286 ක්. ඔවුන් සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 292 ක් පමණයි.

ලෝර්කන් ටකර් පන්දු 162 කින් ලකුණු 108 ක් ලබා ගත්තේ හයේ පහරක් හා හතරේ පහර 14 ක් සමගින්. Andy McBrine ලකුණු 72 කට දැවී ගිය අතර, හැරී ටෙක්ටර් ලකුණු 56 යි.

පන්දු යැවීමේ දී තයිජුල් ඉස්ලාම් කඩුලු 4 ක් හා එබඩොට් හොසේන් කඩුලු 3 ක් දවා ගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්ත නායක ඇන්ඩි බල්බර්නි පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඒ අනුව ඔවුන් සියලු දෙනා දැවී ලකුණු 214 ක් ලබා ගත්තා. හැරී ටෙක්ටර් ලකුණු 50 යි. පන්දු යැවීමේ දී තයිජුල් ඉස්ලාම් ලකුණු 58 කට කඩුලු 5 ක් දවා ගත්තා.

අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය සියලු දෙනා දැවී ලකුණු 369 ක් රැස් කළා. මුෂ්ෆිකර් රහීම් ලකුණු 126 ක් ලබා ගත් අතර, නායක ශකිබ් අල් හසාන් ලකුණු 87 කටත්, මෙහිදි හසාන් ලකුණු 55 කටත් දැවී ගියා. පන්දු යැවීමේ දී Andy McBrine ලකුණු 118 කට කඩුලු 6ක් දවා ගැනීම කැපී පෙනුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...