RCB කණ්ඩායමට ක්‍රීඩකයින් දෙදෙනෙකු ආදේශ කෙරේ

Date:

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් නව ක්‍රීඩකයින් දෙදෙනෙකු සිය සංචිතයට ආදේශ කර තිබෙනවා.

ඒ‍්, ආබාධවලට ලක් වූ රීස් ටොප්ලි හා රාජත් පටිදර් වෙනුවටයි.

ඒ අනුව එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක රීස් ටොප්ලි වෙනුවට දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක වේන් පාර්නෙල් සමග බැංගලෝර් කණ්ඩායම ගිවිසුම්ගත වී තිබෙනවා.

රාජත් පටිදර් වෙනුවට සංචිතයට ආදේශ කර ඇත්තේ විශාක් විජයි කුමාර්.

ටොප්ලි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග පසුගිය දෙවැනිදා පැවැති තරගයේ දී පන්දු රකිමින් සිටියදී දකුණු උරහිසේ ආබාධයකට ලක් වුණා.

රාජත් පටිදර්ට මෙවර අයි.පී.එල් තරගාවලියම අහිමි වුණේ පාදයක සිදුව ඇති ආබාධයක් හේතුවෙන්.

පාර්නෙල් මේ දක්වා දකුණු අප්‍රිකා කණ්ඩායම 20යි 20 තරග 56 කදී, එක්දින තරග 73 කදී හා ටෙස්ට් තරග 6 කදී නියෝජනය කර තිබෙනවා. 20යි 20 ජාත්‍යන්තර තරගවලදී ඔහු බිද හෙලා ඇති කඩුලු ගණන 59 ක්.

අයි.පී.එල් තරග 26 ක් සදහා ක්‍රීඩා කර ඇති පාර්නෙල් ඉන්දීය රුපියල් ලක්ෂ 75 ක මුදලක් යටතේයි RCB කණ්ඩායම සමග එක් වී ඇත්තේ.

දේශිය තරග පිටියේ දී කර්නාටක කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන විජයි කුමාර් 20යි 20 තරග 14 කදී කඩුලු 22 ක් දවා ගෙන තිබෙනවා. ඉන්දීය රුපියල් ලක්ෂ 20 ක මුදලකටයි ඔහු බැංගලෝර් කණ්ඩායම සමග ගිවිසුම්ගත වී ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...