ටොප්ලි ඉවතට ; හසරංග IPL යන දිනයත් ප්‍රකාශයට පත් කෙරේ

Date:

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක රීස් ටොප්ලිට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සියල්ල අහිමි වී තිබෙනවා.

ඒ, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග පසුගිය දෙවැනිදා පැවැති තරගයේ දී පන්දු රකිමින් සිටියදී ඔහු මුහුණ දුන් දකුණු උරහිසේ ආබාධය හේතුවෙන්.

එම තරගයේ දී ඔහු ආබාධයට ලක් වීමට පෙර පන්දුවාර 2ක් යොමු කර ලකුණු 14 කට එක් කඩුල්ලක් දවා ගෙන තිබුණා.

ඊයේ(6) කොලක්ටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග පැවැති තරගය සදහා ටොප්ලි වෙනුවට ඩේවිඩ් විලී කණ්ඩායමට ආදේශ කිරීමටයි පියවර ගෙන තිබුණේ.

ඒ අනුව ඉදිරියේ දී ඔහු වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු සංචිතයට ආදේශ කිරීමට බැංගලෝර් කණ්ඩායම කටයුතු කරනු ඇති.

රීස් ටොප්ලි ඉන්දීය රුපියල් කෝටි 1.9 ක මුදලකටයි රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් ක්‍රීඩක වෙන්දේසියේ දී මිලදී ගනු ලැබුවේ.

මේ අතර, මීට පෙර බැංගලෝර් කණ්ඩායම නියෝජනය කළ ශ්‍රී ලංකාවේ දුෂ්මන්ත චමීර මෙවර අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩක ආදේශ කිරීමක් ලෙස එක් නොවීමට තීරණය කර ඇති බව සදහන්.

මෙවර තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසියේ දී ඔහුව කිසිදු කණ්ඩායමක් විසින් මිලදී ගත්තේ නැහැ.

මේ අතර, මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සමග නවසීලන්ත තරග සංචාරයක නිරතව සිටින වනිදු හසරංග එළඹෙන 10 වැනිදා බැංගලෝර් කණ්ඩායම සමග එක්වීමට නියමිත බව එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු Sanjay Bangar පවසනවා.

ඇතැම් විට එදින පැවැත්වීමට නියමිත ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහි තරගය සදහා ද හසරංගට ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති.

නවසීලන්තයේ සිට ඉන්දියාව බලා වනිදු හසරංග දීර්ඝ ගුවන් ගමනක නිරත වීමත්, ඔහු කණ්ඩායම සමග එක්වන වේලාවත් සලකා බලා එම තරගයට ඔහුට ක්‍රීඩා කිරීමට හැකි වනු ඇත්දැයි තීරණය කරන බවයි Sanjay Bangar සදහන් කළේ.

මේ අතර, ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක ජොෂ් හේසල්වුඩ් අප්‍රේල් 14 වැනිදා බැංගලෝර් කණ්ඩායම සමග එක්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...