ශ්‍රී ලංකාවත් ක්‍රීඩා කරන සුදුසුකම් ලැබීමේ තරගාවලියට අයි.සී.සීයෙන් කුඩම්මාගේ සැලකිලි

Date:

මෙම වසරේ දී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය (Cricket World Cup 2023 Qualifier) සදහා විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය (DRS) යොදා නොගන්නා බව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

කෙසේ වෙතත්, තෙවන විනිසුරු විසින් දුවද්දී දැවී යාම් නිරීක්ෂණය කර තීරණ ලබා දීමට කටයුතු කරන බවයි අයි.සී.සීය සදහන් කර ඇත්තේ.

2019 ලෝක කුසලාන තරගාවලියට අදාළව 2018 වසරේ පැවැති සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සදහා ද DRS ක්‍රමවේදය යොදා ගත්තේ නැහැ.

තෙවන විනිසුරු යොදා ගත්තේ ද තරග 34 න් තරග 10 කට පමණයි. කෙසේ වෙතත්, 2023 සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සියලු තරග සදහා තෙවන විනිසුරු යොදා ගැනීමට නියමිතයි.

නමුත්, UltraEdge හා ball-tracking තාක්ෂණය මෙම තරගාවලියට යොදා නොගන්නා බව ද ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට රටවල් 10 ක් ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර, එම තරගාවලියට මේ වන විටත් රටවල් 9ක් සුදුසුකම් ලබා අවසන්.

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන 8 හිමි කර ගන්නා කණ්ඩායම් ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලබන අතර, පසුපසින් රැදී සිටින සෙසු රටවල් 5 (8 සිට 13 දක්වා ස්ථාන හිමි කර ගන්නා) ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතයි.

සුපර් ලීගයේ අවසන් ස්ථාන පහෙන් ස්ථාන 4 ක් ම මේ වන විට තහවුරු වී ඇති අතර, ඒ අනුව ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව්, නෙදර්ලන්තය හා සිම්බාබ්වේ යන රටවල්වලට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට ක්‍රීඩා කිරීමට සිදුව තිබෙනවා. අයර්ලන්තය හෝ දකුණු අප්‍රිකාව යන රටවල් දෙකෙන් එක් රටක් ද සුදුසකම් ලබා ගැනීමේ තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතයි.

ලෝක කුසලාන දෙවන ලීගයේ ( World Cup League 2) පෙරමුණේ පසු වූ රටවල් තුන වන නේපාලය, ඕමානය හා ස්කොට්ලන්තය ද ලෝක කුසලානයේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට සුදුසුකම් ලබා තිබෙනවා.

එමෙන්ම අමෙරිකා එක්සත් ජනපදය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට තේරී පත් වුණේ නැමීබියාවේ දී පසුගියදා නිමා වූ Qualifier Playoff තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන දෙක තහවුරු කර ගනිමින්.

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ජූනි 18 වැනිදා සිට සිම්බාබ්වේ හී දී පැවැත්වීමට නියමිත අතර, එම තරගාවලියේ පළමු ස්ථාන දෙක හිමි කර ගන්නා කණ්ඩායම් දෙකයි ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමට නියමිතව ඇත්තේ.

2023 ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කරන්නේ කණ්ඩායම් 10 ක් පමණයි. කෙසේ වෙතත්, 2027 හා 2031 ලෝක කුසලාන තරගාවලි සදහා රටවල් 14 ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...