23 න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලිය 16 වැනිදා ඇරඹේ

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පවත්වනු ලබන වයස අවුරුදු 23 න් පහළ අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලිය කණ්ඩායම් 26 කගේ සහභාගිත්වයෙන් සැප්තැම්බර් මස 16 වැනිදා ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ඔක්තෝම්බර් මස 11 වැනිදා තරගාවලිය අවසන් වනු ඇති.

පසුගිය වසරට සාපේක්ෂව මෙවර තරගාවලියේදී කණ්ඩායම් 2 ක වැඩි වීමක් සිදුව ඇති බව සදහන්.

කාණ්ඩ 4 ක් යටතේ තරග පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව A සහ D කාණ්ඩ යටතේ කණ්ඩායම් 7 බැගින් ද,  B සහ C කාණ්ඩ යටතේ කණ්ඩායම් 6 බැගින් ද තරග කරනවා.

අදාළ කාණ්ඩවල ඉහළම ප්‍රසාද ලකුණු ලබා ගන්නා කණ්ඩායම් ඔක්තෝබර් 07 වැනිදා පැවැත්වීමට නියමිත අර්ධ අවසන් තරග වටයට සුදුසුකම් ලබනු ඇති.

පසුගියදා නිමාවට පත් වූ අන්තර් සමාජ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරන ලද ක්‍රීඩකයින් මෙන්ම වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කරන ලද ක්‍රීඩකයින් රැසක් ද මෙම තරගාවලිය නියෝජනය කිරීමට නියමිතයි.

පසුගිය වසරේ පැවැති තරගාවලියේ ශූරතාව කොළඹ කෝල්ට්ස් ක්‍රීඩා සමාජය විසින් දිනා ගනිද්දී හලාවත මේරියන්ස් කණ්ඩායම එහි අනුශූරයින් බවට පත්වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...