මහරුෆ්ගේ සුපිරි පන්දු රැකීම

Date:

ශ්‍රී ලංකා කණ්ඩායම අනුශූරයන් බවට පත් කරමින් නිමාවට පත්වූ 2007 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි අටදෙනාගේ තරග වටය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් අයර්ලන්ත කණ්ඩායම ක්‍රීඩා කල තරගය නිමාවට පත්වුණේ ශ්‍රී ලංකාවට කඩුලු අටක පහසු ජයග්‍රහණයක් හිමිකර දෙමින්.

මෙම තරගයේ දී ෆර්විස් මහරුෆ් දැක් වූ සුපිරි පන්දු රැකීමක් පිළිබදවයි මේ ආවර්ජනය.

එම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 77 ක් පමණයි.

අනර්ඝ පන්දු යැවීමක නිරත වූ ෆර්විස් මහරුෆ් හා මුත්තයියා මුරලිදරන් කඩුලු හතර බැගින් බිඳ හෙලීමට සමත්වුණා.

ලකුණු 78 ක පහසු ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 10 ක් තුළ කඩුලු 2 ක් දැවී ලකුණු 82 ක් ලබාගනිමින් ජයග්‍රහණය වාර්තා කළා.

එම තරගය අතරතුර ෆර්විස් මහරුෆ් විසින් පිතිකරුවෙකු දුවද්දී දවා ගැනීමට සමත් වූ ආකාරය කාගෙත් අවධානය දිනාගත්තා.

එහිදී මහරුෆ් විසින් යොමු කරන පන්දුවකට පිතිකරු ඉදිරියට පහරක් එල්ල කරන අතර, අනතුරුව පෙරලා තමා වෙත පැමිණෙන පන්දුව තනි අතින් රැක ගෙන ක්ෂණයකින් ආපසු කඩුල්ල වෙත යොමු කිරීමට මහරුෆ් සමත් වුණා.

ඒ අනුව අයර්ලන්ත කණ්ඩායමේ නායක ට්‍රෙන්ට් ජොන්ස්ටන්ට දුවද්දී දැවී ගිය පිතිකරුවෙකු ලෙසයි ක්‍රීඩාගාරය වෙත පිටව යාමට සිදු වුණේ.

රූපරාමු නරඹද්දී එම දවාගැනීමේ සුවිශේෂී භාවය ඔබට වැටහේවී. –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...